ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක් - ග්‍රන්ථ විචාරය



මුල් රුසියානු බසින් සිංහලයට නැගුණු අපූරු කාව්‍යමය අනුවර්තනයක්!

ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයාට සමීප කළ කෘතහස්ත පරිවර්තකයන් අතර, දැදිගම වී. රුද්‍රිගු, පද්ම හර්ෂ කුරණගේ යන පරිවර්තකයන් දෙදෙනාට හිමිවෙන්නේ අද්විතීය ස්ථානයකි. ඒ, ඔවුන් දෙදෙන රුසියන් සාහිත්‍යය රුසියානු බසින් ම අප වෙත සමීප කළ කෘතහස්ත පරිවර්තකයන් දෙදෙනකු වන හෙයිනි. භූගෝලීය වශයෙන් මෙන් ම, සංස්කෘතික වශයෙන් ද අපට බොහෝ දුරස් රටක සාහිත්‍යය මෙතරම් තදින් අප හද ඇද බැඳ තබා ගන්නට හේතු වූයේ, එම රුසියානු සාහිත්‍යයේ සජීවි රසය නුසුන් කර එහි රසය ඒ ආකාරයෙන් ම රැගෙන එන්නට ඔවුන් අනලස්ව හා සාවධානයෙන් යුතුව කටයුතු කළ හෙයිනි. ඒ සඳහා ඔවුනට රුසියානු බස හා රුසියානු සංස්කෘතිය පිළිබඳවත්, සිංහල භාෂාව සහ සිංහල සංස්කෘතිය පිළිබඳවත් මනා දැනුමක් හා අවබෝධයක් තිබිණි.

රුසියානු - ශ්‍රී ලංකා සබඳතා ඇති වූ දා පටන් රුසියානු භාෂාව අතැඹුලක් සේ හදාළ, එකී ද්වීභාෂික දැනුම ඇති, සිය දහස් ගණනක පිරිසක් අප අතර සිටිය ද දැදිගම වී. රුද්‍රිගු, පද්ම හර්ෂකුරණගේ යන ප්‍රවීණ පරිවර්තකයන්ගෙන් පසුව රුසියන් බසින් ම සිංහල බසට සාහිත්‍ය පරිවර්තනයේ යෙදෙන පරිවර්තකයකු අපට දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.

මෑත ඉතිහාසය ගත්විට ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින පරිවර්තකයන් කිහිපදෙනකු ම මෙහි දී අපට සිහිපත් වේ. ඉන් ආචාර්ය පාලිත ගනේවත්ත, ආචාර්ය රන්ජන දේවමිත්‍ර සේනාසිංහ, ෆීලික්ස් ප්‍රනාන්දු, මල්රේණු කස්තුරිරත්න, රූපසිරි පෙරේරා, පුෂ්ප රන්ජන් විජේසිංහ යන පරිවර්තකයෝ ඉදිරියෙන් ම සිටිති.

එයින් ආචාර්ය පාලිත ගනේවත්තයන් අපට සුවිශේෂ වෙන්නේ අදටත් ලොව විශිෂ්ටතම කෙටිකතාකරුවා ලෙස සැලකෙන රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ්ගේ නිර්මාණ ජීවිතය පිළිබඳව ඔහු විධිමත් හා ගැඹුරු අධ්‍යයනයක යෙදී සිටින හෙයිනි. ඔහු මීට පෙර පළ කළ “ඇන්ටන් චෙකොෆ් සිය වසරකට පසු කෙටිකතා”, “දොස්තර චෙකොෆ්”, “ඇනා ගෙල පැලඳ සහ තවත් කතා”, “ඇන්ටන් චෙකොෆ්ගේ ලියුම්” සහ “චෙකොෆ් පිළිබඳ සමකාලීනයන් ගේ සැමරුම් සටහන්” යන කෘති ඊට නිදසුනි.

විසි වසරතට වැඩි කාලයක් තිස්සේ ඔහු විසින් සිදු කරන ලද එම භාරදූර අධ්‍යයනයේ නවතම ප්‍රතිඵලය මේ වනවිට අප අත පත්ව තිබේ. ඒ, ඔහු රුසියානු මුල් බසින් සිංහලයට නගන ලද “ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්” නම් ග්‍රන්ථය යි.

පාලිත ගනේවත්තයන් මේ දක්වා “මාවත අබියස” හා “ඇවිත් නොරටක” නමින් නවකතා දෙකක් ද, “ලේ හුරු සුවඳ” හා “තුන් පෙර නිමිති” නමින් කෙටිකතා පොත් දෙකක් ද, “බොඳවූ ලොව” හා “ඇසි පිය” නමින් කාව්‍ය සංග්‍රහ දෙකක් ද, “ගුණදාස අමරසේකර සංවාද” නමින් විවිධ විෂයය කෘතියක් ද පළ කර තිබේ. ඔහුගේ නවකතා දෙක හා “ලේ හුරු සුවඳ” කෙටිකතා සංග්‍රහය අනුපිළිවෙලින් “A Tale from a Promised Land”, “The Road Ahead” හා “The Scent of Kinship” නමින් වෙනත් කතුවරයන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.

ඔහුගේ නවතම සාහිත්‍ය ව්‍යායාමය වන “ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්” ග්‍රන්ථය ගැන පාලිත දක්වන්නේ මෙවන් අදහසකි.

“එක් බසකින් තව බසකට මෙන් ම, තම මව්බසට පරිවර්තනය කිරීම දුෂ්කර කාර්යයකි - සාහිත්‍ය නිර්මාණයක දී වචනයෙන් වචනය කෙළින්ම පරිවර්තනය කළ නොහැකි ය. වදන්වල කෝෂාර්ථය ඉක්මවා භාවික අරුත් දනවන අර්ථයට ගැලපෙන නිශ්චිත වදන් මව්බසින් සොයා ගත යුතු ය. වසර ගණනාවක් රුසියාවේ වාසය කරමින්, රුසියානු බස හොඳින් ප්‍රගුණ කළ මම රුසියානු ජනතාවගේ ජීවන රටාව හා සිතුම් පැතුම් අනුව රුසියානු බසේ වදන්වල කෝෂාර්ථ ඉක්මවන භාවික අරුත් වටහාගන්ට සමත්වීමි. මෙය රුසියානු මුල් බසින් සිංහලයට පෙරලීමේ මහත් වාසියක් විය. මේ පොත පරිවර්තනයක් නොව අනුවාදයක් ලෙස හඳුන්වා ඇත්තේ ඒ නිසා ය.”

එනිසා, අපි ද ඔහුගේ මෙම ග්‍රන්ථය පරිවර්තනයක් ලෙස නොව, අනුවාදයක් ලෙස සලකමු.

ඔහුගේ මෙම අනුවාදයට චෙකොෆ්ගේ “වාන්කා”, “නිවසේ දී”, “ගුසෙෆ්”, “එක්තරා වෙළෙඳ ආයතනයක කතාවක්”, “බිරි`ද”, “තණ පෙත්තා”, “ඉයෝනිච් වෛද්‍යවරයා”, “දොස්තර ගමන”, “සුන්දරී” සහ “බල්ලා සමග ඇවිදින කාන්තාව” යන කෙටිකතා ඇතුළත් ය.

මෙම කෙටිකතා, පෙළ ගැස්වීමේ දී චෙකොෆ්ගේ නිර්මාණ පරිණාමය ගැන පාඨකයාට කිසියම් අවබෝධයක් ලැබෙනු පිණිස අනුපිළිවෙලින් පෙළ ගැස්වීමට ආචාර්ය පාලිත ගනේවත්ත කටයුතු කරතිබීම බෙහෙවින් පැසසුම් කටයුතු ය.

මේ කතා සියල්ල මුල් රුසියානු බසින් සිංහලයට අනුවර්තනය කරන්නට තමා උපයෝගී කර ගත්තේ, 1983 සිට 1988 දක්වා කාලය තුළ “සෝවියට් විද්‍යා ඇකඩමිය” මගින් පළ කරන ලද වෙළුම් 30කින් සමන්විත “චෙකෝෆ්ගේ එකතු කළ කෘති සංග්‍රහය” බවත්, ඉන් පළමු වෙළුම් 18 ට චෙකෝෆ් ගේ කෙටිකතා හා නාට්‍ය ඇතුළත් වන අතර, ඉතිරි වෙළුම් 12 ට චෙකෝෆ් ගේ ලියුම් ඇතුළත් වන බවත් ඔහු සිය පෙරවදනේ සඳහන් කරයි.

විදෙස් බසකින් ලියැවුණු නිර්මාණයක මුල් කෘතියෙන් වෑහෙන රසය ම එහි පරිවර්තනය හෝ අනුවර්තනය තුළින් ද නොඅඩුව විඳින්නට නම්, එහි මුල්බසින් ම එය අනෙක් බසකට නැගීම වැදගත් වන්නේ යම් සේ ද, එකී නිර්මාණයට ප්‍රස්තුත වූ සමාජ, දේශපාලන හා සංස්කෘතික පසුබිම පිළිබඳ යම් පමණක අවබෝධයක් එම පරිවර්තනය හෝ අනුවර්තනය රසවිඳින පාඨකයා සතුවීම ඒ හා සමානව ම වැදගත් වේ. එනිසා, ආචාර්ය පාලිත ගනේවත්ත ඒ සම්බන්ධයෙන් සාවධාන වෙමින් චෙකෝෆ්ගේ කෙටිකතා නිර්මාණවලට තුඩු දුන් දහනව වන සියවසේ අග භාගයේ රුසියානු සමාජ සංස්කෘතික පසුබිම හා චෙකෝෆ්ගේ කෙටිකතා කලාව අරබයා කෙටි හැඳින්වීමක් සහිත වටිනා ප්‍රස්තාවනාවක් ඔහුගේ මේ පොතට ඇතුළත් කර තිබීම බෙහෙවින් අගය කළ යුත්තකි.

මෙහි එන “වාන්කා” නම් පළමු කෙටිකතාව චෙකොෆ් ලියන්නේ 1886 තරම් ඈත කාලයක ය. ඒ වනවිට ඔහු 26 වන වියේ පසු වී ය. චෙකොෆ්ට “පුෂ්කින් සාහිත්‍ය ත්‍යාගය” හිමිවෙන්නේ ඉන් වසර දෙකකට පසු එනම්, 1888 වසරේ දී ය. මෙම කෙටිකතාව ඇසුරින් විනාඩි 30 ක ධාවන කාලයකින් යුත් රූපවාහිනී නාටකයක් ඉන් බොහෝ කලකට පසුව එනම්, 1963 දී බටහිර ජර්මනියේ නිෂ්පාදනය වී ය.

චෙකොෆ්ගේ කෙටිකතා තුළින් පසුකාලීන ව සිදුවූ කෙටිකතා කලාවේ ආකෘතිමය වෙනසෙහි සෙවනැලි මුල, මැද, අග සහිත සම්ප‍්‍රදායික කතා ශරීරයක් නොමැති ඔහුගේ මෙවැනි මුල් කාලීන කෙටිකතාවල ද යම් පමණකින් හෝ දක්නට ලැබීම විශේෂත්වයකි.

මෙහි එන “නිවසේ දී” නම් වන දෙවන කෙටිකතාව චෙකොෆ් ලියන්නේ 1887 වසරේ දී ය. ළමයකුගේ සහ වැඩිහිටියකුගේ මනස ක‍්‍රියා කරන ආකාරය විස්තර කරන්නට උත්සාහ කරන ඔහු අවසානයේ ඍජු ප්‍රකාශන ආකෘතියකට වඩා කලාත්මක ප්‍රකාශන ආකෘතියේ ඇති සුන්දරත්වය සියුම් ව පාඨකයාට පෙන්වා දෙයි.

පරිච්ඡේද පහකින් යුත් දීර්ඝ කෙටිකතාවක් වන “ගුසෙෆ්” කෙටිකතාව චෙකොෆ් නිර්මාණය කරන්නේ 1890 වසරේ දී ය. එම වසරේ නොවැම්බර් මස 10 වන දින සිදු වූ “චෙකොෆ්ගේ ලංකා ගමන” හා මෙම කෙටිකතාව අතර ඍජු සම්බන්ධයක් පවතී. ඒ, අටමාසයක් පුරා කිසිවක් නොලියූ, කිසිදු සාහිත්‍ය ක‍්‍රියාකාරකමකට අත නොගැසූ චෙකොෆ්ගේ සිත තුළ නොවැම්බර් 12 වැනි දින සන්ධ්‍යාවේ පසුගිය මාස අටක කාලය තුළ ඔහු දුටු සියලු දේ කැටිකොට ගත් සාහිත්‍ය නිර්මාණයක් පිළිසිඳ ගැනීම ය. ඒ සඳහා දායක වූයේ ලංකාව යි. චෙකොෆ් නෞකාවේ එන අතරවාරයේ දී නැවේ දී මියයන නැවියන් රෙදිකඩෙක ඔතා මුහුදට දමන ආකාරය ඛේදාන්තයක් ලෙස “ගූසෙෆ්” නමින් ලියැවුණු මෙම සාහිත්‍ය නිර්මාණය තුළ ඔහු විස්තර කරයි. ජීවිතයේ අනිත්‍යතාව සහ අපේ පැවැත්මේ වැදගැම්මකට නැතිකම පිළිබඳ අදහසක් ඔහු එයින් මතුකරන්නට උත්සාහ කරයි.

චෙකොෆ්ගේ ලංකා ගමන ගැන සවිස්තරාත්මක තොරතුරු ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය රන්ජන දේවමිත්‍ර සේනාසිංහ සහ රුසියානු ලේඛයකු වන ඇනටොලි රොඩොව් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණ නිබන්ධනවලත්, ඇනටොලි රොඩොව් විසින් ප්‍රකාශිත “My Sri Lanka” කෘතිය තුළත් ඇතුළත් වේ.

චෙකොෆ් 1892 දී ලියන “එක්තරා වෙළෙඳ ආයතනයක කතාවක්” ඕනෑ ම සමාජයක පොත්පත්වලට හිමි තැන කදිමට නිරූපණය කරන කතාවකි. මෙය පොත්පත් හැරෙන්නට අනෙක් හැමදේ ම ඇති පොත් සාප්පු තිබෙන අපේ රටට ද අදාළ නොවන්නේ නොවේ.

චෙකොෆ් 1895 දී රචනා කරන “බිරිඳ” නම් කෙටිකතාව 19 වන සියවසේ අගභාගයේ රුසියාවේ බිඳ වැටෙමින් තිබූ විවාහ පිළිබඳ සංවේදී ගවේෂණයකි.

චෙකොෆ් 1892 දී රචනා කළ “තණ පෙත්තා” ත‍්‍රිකෝණ ප්‍රේම වෘත්තාන්තයක් පිළිබඳව ලියැවුණු කෙටිකතාවකි. මෙය නිර්මාණය කිරීමේ දී වෛද්‍ය විද්‍යාව පිළිබඳවත්, චිත‍්‍ර, සංගීත ඈ කලා ශිල්ප පිළිබඳවත් ඔහු සතු දැනුම සහ අවබෝධය චෙකොෆ් මැනවින් උපයෝගී කරගෙන තිබේ.

මෙහි එන “ඉයෝනච් වෛද්‍යවරයා” කෙටිකතාව චෙකොෆ් ලියන්නේ 1898 දී ය. ප්‍රතික්ෂේප වන විවාහ යෝජනාවක් නිසා කලකිරීමට පත්ව මුදල් හා දේපල ගොඩගසා ගැනීම තෘප්තිය කරගන්නා එහෙත්, සිතේ සැනසිල්ලක් නොමැති වෛද්‍යවරයකු වටා ඔහු මෙම කෙටිකතාව ගොඩනගා තිබේ.

“දොස්තර ගමන” කෙටිකතාව ද චෙකොෆ් 1898 වසරේ ම රචනා කරන ලද්දකි. විසිවන සියවස ආරම්භයේ දී රුසියාවේ පැවැති සමාජ නොසන්සුන්තාව හෙළිකරන මෙමගින් සතුට සැනසිල්ල යනු ධනය පමණක් නොවන බව පෙන්වා දෙයි.

මෙහි එන “සුන්දරී” නම් කෙටිකතාව ද චෙකොෆ් රචනා කර ඇත්තේ එම වර්ෂයේ ම ය. සහජීවනය, හඳුනාගැනීම් හා සබඳතා හරහා ජීවිතයට අර්ථයක් එක්කර ගැනීම යන තේමාවන් ගවේෂණය කරන මෙම කෙටිකතාව මගින් එම සබඳතා අවසන් වූ විට හුදකලාව සහ බලාපොරොත්තු සුන්වීමට ඇති හැකියාව ඉස්මතු කරයි.

මෙම කෙටිකතා සංග්‍රහයේ අවසන් කෙටිකතාව “බල්ලා සමග ඇවිදින කාන්තාව” නම් චෙකොෆ්ගේ වඩාත් සුප්‍රකට කෙටිකතාව යි. 1899 වසරේ රචනා කළ මෙම කෙටිකතාව වැඩිහිටි පිරිමියකු හා කාන්තාවක අතර ඇතිවන ප්‍රේමය ඉතා සුක්ෂම අයුරින් විග්‍රහ කරන විශිෂ්ට නිර්මාණයකි.

මෙම කෙටිකතාව ඇසුරින් රුසියාව ඇතුුළු ලොව විවිධ රටවල් සිනමාපට, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය ඈ කලා නිර්මාණ ගණනාවක් නිපදවා තිබේ.

ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ සහ මහාචාර්ය විමල් දිසානායකයන්ගේ කෙටි පසුවදන් දෙකකින් ද පාලිතගේ මෙම අනුවර්තිත කෙටිකතා සංග්‍රහය ආලෝකවත් වී තිබේ. “චෙකෝෆ් යනු ගද්‍යයට පිවිසි පුෂ්කින්” යැයි වරක් ටෝල්ස්ටෝයි ප්‍රකාශ කළ වදන් සනාථ කරමින් කාව්‍යමය බස් වහරකින් චෙකොව් රචනා කළ මෙම කෙටිකතා සියල්ල එකී කාව්‍යමය බස් වහර ඒ ආකාරයෙන් ම සුරකිමින් සිංහලයට නගන්නට ආචාර්ය පාලිත ගනේවත්ත ගෙන ඇති උත්සාහය පැසසිය යුතු කරුණක් වෙන්නේ එය එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන හෙයිනි.

අනුර බී සෙනෙවිරත්න

එල්ම් තුරු යට ස්නේහය: පරිවර්තිත නාට්‍ය පිටපත



Maha Wedage Champa Pushpa Buddhipla is a nationally recognized playwright, producer and translator. He is the author and producer of three original plays – Krishna, Dascon and Meththara. In addition, he is the translator and producer of Tennessee William’s celebrated play A Streetcar Named Desire. His latest translation is a play by the distinguished American playwright, Eugene O’Neill - Desire Under the Elms.

Given Champa Buddhipala’s facility with Sinhala and English and his deep acquaintance with the theatre many came to expect a successful rendering of this play into Sinhala by him.

Buddhipala did not disappoint; he rose to the occasion splendidly. His translation displays sensitivity, understanding and discernment. Eugene O’Neill is one of the greatest American playwrights of the twentieth-century. In 1924 he wrote this play Desire Under the Elms. Since then it has generated a great interest, even controversy, among avid theatre-goers. In 1936 he was awarded the Nobel prize for literature.

O’Neills plays are realistic, but he is in search of a deeper psychological realism. His dramatic instincts are vitally connected to the commitment to explore volcanic emotions.

Dark human emotions

Desire Under the Elms is a complex family drama that takes place in a farm house in the North Eastern America. It a reconfiguration of turbulent, troubling and dark human emotions. It deals with love, lust, jealousy, betrayal, and gestures towards infanticide and incest. In writing this play Eugene O’Neill was influenced by Greek theatre, most notably the work of Euripedes as well as modernists such as Ibsen and Strindberg. Champa Buddhipala has made his translation with a deep understanding of O’Neill’s preoccupations, investments, strengths and limitations.

Buddhipala’s translation is sensitive and intelligent; in addition, he has sought to make it a critical translation. I shall explain this concept presently. During the past few decades, translation studies has progressed rapidly. We can identify five central approaches to translation. First, the attempts of linguists, both structuralists and transformational grammarians, of diverse stripes invite attention. Second the investigations of philosophers are significant. Here I wish to include both Anglo American philosophers and continental philosophers. For example, in his book Word and Object, the American thinker Quine foregrounds a number of issues related to translation.

Third, the analyses of cultural anthropologist, cultural studies scholars and cultural historians merit close consideration, Fourth in recent years, scholars with a visible interest in post-colonial theory have proposed newer ways of approaching the task of translation. They have proposed the notion of cultural translation with its manifold implications. Fifth, drawing on these diverse approaches, students of translation studies have sought to open up new pathways of inquiry. These efforts have led to the idea of critical translation. It can also be termed self-reflective translation or introspective translation. One can observe the nature of critical translation in the way Gayatri Spivak has rendered Mahasweta Devi’s Bengali work into English.

Significance of critical translation

Bertolt Brecht’s epic theatre allows us to attain a better understanding of the nature and significance of critical translation. In Brecht’s epic theatre the players perform in such a way that that they do not totally identify with the character being portrayed and seek to attain a significant critical distance. between the actor and the character being portrayed. Here one can discern the privileging of a reflective distance. Similarly, in the act of translation, the translator seeks to offer a critical comment on the dramatic text through the very verbal choices he or she makes. It seems to me that Champa Buddhipala in his translation of Eugene O’Neill’s Desire Under the Elms has in a very subtle way attempted to move in this direction.

Translations of the kind that Buddhipala has made serve to perform a number of important functions. First, they offer a unique and well -constructed theatrical experience. This helps to strengthen the literary sensibility of readers. Second, they facilitate the widening of the horizons of dramatic understanding. Third such translations have the effect of enlarging the vocabulary of emotions. Fourth these efforts pave the way for the emergence of a comparative evaluative vision. Such a vision is important for the steady growth of the Sinhala theatre.

Translations and adaptations have played a pivotal role in the forward movement of Sinhala drama. In the early phase, apart from the translations of Shakespeare’s work, dramatists such as Moliere, Chekhov, Gogol were important. Later celebrated dramatists like Ibsen, Strindberg, Brecht, Pirandello, Becket, Anouilh, Arthur Miller, Garcia Lorca, Camus, Tennessee Williams made a decisive impact. Chapa Buddhipala’s translation of Desire Under the Elms joins these important endeavors of literary translation. Some years ago he translated and produced Tennessee Williams’ A Streetcar Named Desire winning much critical praise.

In any act of literary translation, the translation has to be faithful to the original while creating a work in the receiver language that appears to be natural and self-contained. This is no easy task.

Some err on the side of literal translation. Nabokov is case in point. Others focus too excessively on the beauty and elegance of the translated text at times distorting the original. Pasternak is a case in point.

It is to the credit of Buddhipala that he has been able to repossess the wished for middle ground. In addition, this being a play, the translation has to be sensitive to the demands of the living theatre. Buddhipalaa displays this sensitivity. For example, in Desire Under the Elms, the intense emotions are carried on the back of colloquial expressions, and a would be translator has to be alert to this challenging fact. Champa Buddhipala is alert to it.

All in all, the translation of Desire Under the Elms by Champa Buddhipala is a commendable effort that serves to enrich the Sinhala theatre in interesting ways.

Reviewed by Professor Wimal Dissanayake

අලුත්ම ලිපිය

විගාමික සිංහල ලේඛකයෝ - පිවිසුම