ශ්‍රී ලංකාව ජන්ම භූමිය කොටගෙන සිංහල ජාතිය බිහිවුණේ ඒ බිමේ කාලයක් තිස්සේ වාසය කළ අය මෙන්ම ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට භාරතයේ විවිධ රාජධානිවලින්, ජාවා සුමාත්‍රා ප්‍රදේශයෙන්, මැදපෙරදිගෙන් මෙන්ම අප්‍රිකාවෙන් ද සංක්‍රමණය වූ ජනකොටස්වල සංකලනයෙන් බව පිළිගත් මතයයි.
පසුගිය සියවසේ අග භාගයේ පමණ සිට ඒ ජන පිරිසෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් තම ජන්ම භූමිය අතහැර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපාකරය යනා දී විවිධ දේශයන්ට සංක්‍රමණය වී ඇත.
ඩයස්පෝරික හෙවත් විගාමික ජන ප්‍රජාව ලෙස හැඳින්වෙන්නේ ද ඒ සංක්‍රමණික ජනතාව ය.
විදෙස් රටවල වාසය කරන සිංහල ජනතාව අතර ලේඛන කලාවේ නිරත වෙන් ලේඛක ලේඛිකාවන් රාශියක් සිටිති.
අපේ මේ අරමුණ ඔවුන් රචනා කර පළකර ඇති ග්‍රන්ථ සහ අනෙකුත් නිර්මාණ පිළිබඳ විස්තර එක් ස්ථානයකට ගොනු කිරීමයි.
මේ කර්තව්‍යය ආරම්භ කර පවත්වාගෙන යන්නේ ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවට අනුබද්ධ ලේඛක සංසදය විසිනි.
මේ වෙබ් අඩවිය තවමත් ඇත්තේ ආරම්භක අවදියේ ය. දැනට විස්තර ඇතුළත් ලේඛක ලේඛිකාවන් පහත සඳහන් දේශවල වාසය කරන්නන් ය.
1. ඕස්ට්‍රේලියාව
2. එක්සත් රාජධානිය
3. ඇමරිකා එක්සත් ජනපදය
4. නවසීලන්තය
5. ප්‍රංශය
6. කැනඩාව
විදෙස් රටවල සිට සාහිත්‍යකරණයේ යෙදෙන ඔබ ලියා පළකර ඇති ග්‍රන්ථ සහ අනෙකුත් නිර්මාණ පිළිබඳ විස්තර පහත ඊ-මේල් ලිපිනයට එවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමු.
vigamika.writers@gmail.com
ස්තුතියි.
ලේඛක සංසදය, සිංහල සංස්කෘතික හමුව, නිව් සවුත් වේල්ස්,
ඕස්ට්‍රේලියාව
Diasporic Sinhala Writers and their publications :: ශ්‍රී ලංකාවෙන් පිටත වාසය කරන සිංහල ලේඛකයින් සහ ඔවුන්ගේ කෘති පිළිබද විස්තර
ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස ප්‍රාන්තයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ වෙබ් අඩවියකි
රෙදි වැලක වැනෙන සෞන්දර්යය – විපරීත මිනිස් සමාජයක අව්‍යාජ පිළිඹිබුවක්

වෙහෙසවන්නාවූ, බර උසුලන්නාවූ මිනිස්සු සහනය සොයා දෙවියන් වෙත යාමට මත්තෙන් මේ කර්කෂවූ මහපොළොව මත යම්තරමක් හෝ සැපතක් විඳීමට දරණ අරගලය ජීවත්වීම ලෙස නම් කළ හැකිය. කවර මට්ටමක සමාජ ආර්ථික පසුබිමක වුවද, දුක, වේදනාව, කලකිරීම හා අපේක්ෂාභංගත්වය යනු අනිවාර්ය විඳවීම්ම වේ. “රෙදිවැලක වැනුනු සෞන්දර්යයක්” ද තිබෙන බව සිය සාහිත්‍යම ඇසින් දකින ලක්ෂ්මන් කොඩිතුවක්කු, කෙටිකතා අටක් උපයෝගීකරගෙන මෙම අඳුරු යථාර්ථයන් විවිධවූත් නව්‍යවූත් රටාවන්ගෙන් අපගේ රසවින්දනය වෙනුවෙන් යොමුකරයි.
පරම්පරාවම මේ මහපොළොවේම උපන් උන් වූ නමුත්, සිය දරුපවුලට බිම් කඩක නිවසක් තනාගැනීමට නොහැකිව ළතැවෙන විමලය්යාට උරුම, බෙදාගත් බත්පතේ වැලිවැටීමේ — එහෙම නැත්නම් හිඟන්නාගේ පාත්තරේ හෙනහුරා වැටීමේ — අවාසනාව, තුන්වෙනි ලෝකයේ රටක පීඩිත පංතියේ මිනිසුන්ගේ ජීවිතයේ පොදු ලක්ෂණයකි. “අස්ථි” නම් වූ එම කෙටිකතාවෙන් අපවෙත දක්වන ආකාරයට, සමාජවාදී–ධනවාදී බොහෝ දේශපාලන ව්‍යාපාරයන්ට කටගැස්මක් වූයේ මෙම මිනිසුන්ගේ ජීවිතයමයි. ඉතිහාසය ගැන මහත් භක්තියකින් කතාකරන ජාතියක වර්තමාන ඛේදනීය ඉරණම, දේශපාලන ධූරාවලිය තුල මිනිසාට සෙත සැදියයුතු, පොලීසිය උසාවිය පමණක් නොව සංස්කෘතික ඉගැන්වීම් ද පීඩිත මිනිසාගේ සැබෑ දුක් ගැහැට වලට පිළිසරණක් නොවන බව කතුවරයා සිය උසස් ලේඛන ශෛලිය භාවිතාකරමින් නවතාවයකින් යුක්තව අපවෙත කියාසිටියි. ඉතිහාසයේ විවිධ යුගවලදී හැබෑ ජනතා ප්‍රශ්න හඳුනාගත්තවුන් මුහුණදුන් ඛේදනීය ඉරණම සිය ලේඛන ශෛලිය තුළින් නිර්මාණාත්මක විවේචනයකට ලක් කරමින් පාඨක මනස නිවැරැදි දේශපාලනික දිශාවකට යොමුකිරීමට කතුවරයා උත්සාහ දරයි.
සදාචාරය සහ සංස්කෘතිය යනු අපගේ ජීවිතයන්ට එපිටින් පවත්නා, යම් දිනෙක අප විසින් වැළඳ ගත යුතු ජීවිත රටාවන් ද, නොඑසේනම් අපගේ එදිනෙදා ජීවිතය තුළින්ම පැනනැඟෙන හුදු අහඹු ජීවන රටාවක් ද යන්න විමසාබැලෙන මනාකොට රචිත කෙටිකතාවක් ලෙස “රෙදිවැලක වැනෙන සෞන්දර්යය” නම් කළ හැකිය. පතිවෘතාව, බෞද්ධ හා අනෙකුත් ආගමික ඉගැන්වීම් වලින් මෙහෙයවෙන සැමියා–බිරිඳ සංකල්පය, පීඩිත සමාජයක ජීවන අරගලය හමුවේ සැලී බිඳී යන ආකාරය මඟින්, සංස්කෘතිය යනු අනෙකක් නොව ජීවිතයම බවත් කතුවරයා කියාපායි. කිරි අම්මා දානය වැනි සංස්කෘතිකාංග, රූප හා සංඥා ලෙසින් යොදාගනිමින් කතුවරයා මතුකරන්නේ ඉහතින් කී සදාචාරය පිළිබඳවූ සංකල්පය ජීවන අරගලය තුළ ඉරිතලා යන ආකාරයයි. කර්කෂ වූ යථාර්ථය දෙස සානුකම්පිත ලෙසද, ඇතැම්විට හාස්‍යජනක ලෙසද බැලීමේ හැකියාව මෙම කෙටිකතාව තුළ කතුවරයා රඳවයි.
දේශපාලන අදහසක් දැරීම සෑම මිනිසෙකුගේම අයිතියක් වන අතර, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමේ අයිතියද වත්මන් ලෝකයේ දියුණු යැයි සම්මත සමාජයන් පිළිගන්නා තත්වයකි. ශ්‍රී ලාංකික සමාජය තුළ “අරගලය” වැනි මෑතකාලීන දේශපාලනික හැරවුම් ලක්ෂ්‍යයන් ගැන, සිය මතය ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශානරයක් තුළ රඳවමින්, කතුවරයා අපට “බට්ටෙක් කතා කරයි” නම් කෙටිකතාවෙන් ඉදිරිපත් කරයි. හුදෙක් තම දේශපාලන මතවාදයන් දේශනා ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා වෙනුවට, එකිනෙකට පරස්පර මතවාද, දැනුම, අවශ්‍යතාව සහ ප්‍රායෝගික යථාර්ථය අතර ඇතිවන්නාවූ ඝට්ඨනයන් මගින් පාඨකයන් සිතීමට පොළඹවා එතුලින්ම විශිෂ්ට අදහසක් මතුකරවීමට කතුවරයා සමත් වෙයි.
මිනිස් ජීවිතයක් තනිකර සුදු හෝ කලු ලෙස බෙදා වෙන් කළ හැකිද? එය සැබැවින්ම අළු පැහැ නොවන්නේද? විටෙක වීරයෙක් ලෙස දකින චරිතයම දුෂ්ඨයෙකු වී අප ඉදිරියට නොපැමිණෙන්නේද? මිනිස් ජීවිතය තුළ සැඟවුනු ඒ අළු පැහැ ස්වභාවය මානුෂීය සුවඳක් සමග අප වෙත රැගෙන එන්නට “ඇගේ පුංචි රන් මාලය” නම් කෙටිකතාවෙන් කතුවරයා සමත්වෙයි. ආදරය යනු සැබෑවම පාවාදිය හැකි දෙයක් බවත්, කටුක යථාර්ථය හමුවේ මාතෘත්වය වුවද සංකල්පනාවක් පමණක් විය හැකි බවත් කතුවරයා අප වෙත ගෙනහැර දක්වයි.
මෙලෙස කෙටිකතා අටකින්, කතුවරයා අපට මිනිස් ජීවිතයේ විවිධ පැතිකඩ පෙන්වා දෙයි. රස නිශ්පත්තිය සඳහා විවිධ රූප සහ සංසිද්ධීන් යොදාගන්නා ආකාරයෙන් කතුවරයා සිය පරිණත බව විදහාලයි. ඉන්ද්‍රජාලික යථාර්ථවාදී ශානරය තුළ කතුවරයා දක්වන සංයමය විශිෂ්ට ය. ගතවුනු දශක කිහිපය තුල යුද්ධය සහ අනෙකුත් දේශපාලන භීෂණයන්ට මුහුණ දුන් ශ්‍රී ලාංකීය ජන සමාජය පිළිබඳව විශිෂ්ඨ කියවීමක් ලෙස රෙදිවැලක වැනෙන සෞන්දර්යය නම් කෘතිය නම් කල හැකිය. තවත් කාලාන්තරයක් යනතෙක් එකී දේශපාලන වියවුල්තුල වියැකීගිය මිනිසත්කමේ කම්පනයන් සංවේදී මිනිස් සිත් සතන් තුලින් අතුරුදහන් නොවන බව මෙකී නිර්මාණයන්ගෙන් අපට පැහැදිලි වෙයි. පීඩනයෙන්ද මර්ධනයෙන් ද හිරි වැටුනු ජීවිත දෙස ලේඛකයෙකු මෙන්ම සැබෑ මානවහිතවාදී සානුකම්පිත සැබෑ මිනිසෙකු ලෙස බැලීමේ හැකියාව ලක්ෂ්මන් කොඩිතුවක්කු තුල පවතී.
ලේඛකයා යනු ආශීර්වාද ලද්දෙක් නොවන බව මගේ අදහසයි. එක්තරා ආකාරයකට ශාපයකට හසුවූවෙකි.මිනිස් ජීවිතයේ අඳුරු වේදනාවන්ට මෙන්ම සමාජ අසාධාරණය කෙරෙහි වෙන අධි සංවේදීතාව ඔවුන්ගේ හදවත් වේදනාවෙන්ම පුරවන අතර එතුලින්ම මාණික්‍යයන් වන් නිර්මාණයන් ඔවුන් විසින් ලොවට තිළින කෙරේ. ලේඛන කලාව තුළ ලක්ෂ්මන් කොඩිතුවක්කු විසින් සදාකාලික තාරුණ්‍යය උරුම කරගනු ඇතැයි මගේ බලවත් විශ්වාසයයි. එසඳහා මම ඔහුට ආශීර්වාද කරමි.
අනුෂ්ක තිලකරත්න
24/12/2025
ලක්ෂ්මන් කොඩිතුවක්කු, ඕස්ට්‍රේලියාව

ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ සාහිත්‍ය නිර්මාණ:
1. පැය අටේ මිත්‍රයෝ (කාව්‍ය සංග්‍රහය), 2005
2. පුංචි ටොමියා සිඩ්නි ගියා (ළමා කතාව), 2006
3. පරමේෂ්වරී සහ වෙනම රටක් (කෙටිකතා එකතුව), 2009
ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ විය
4. හුස්ම (කෙටිකතා එකතුව), 2013
5. පරාරෝපණය (යොවුන් නවකතාව), 2014
6. මේ අපේ ලොවයි (ළමා කතාව), 2015
7. ප්‍රතිමාවක්, සංක්‍රමණිකයෙක් සහ දරුවෙක් (කෙටිකතා එකතුව), 2015
රාජ්‍ය සාහිත්‍ය සම්මානය සහ ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ විය
8. කවුළුවකි මං පියන්පත් නැති (නවකතාව), 2017
9. කැන්ගරු වන්නම (නවකතාව), 2019
10. තෙවෙනි රැල්ලේ පෙම්වතිය (කෙටිකතා එකතුව), 2021
11. රෙදි වැලක් වැනෙන සෞන්දර්යය (කෙටිකතා එකතුව), 2024
ලක්ෂ්මන් කොඩිතුවක්කු ගේ සාහිත්‍ය නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන්:
* Colourless Dreams and More Stories (Short story collection: Translated by P Wattegama
and Minulee Kodituwakku), 2021
ලක්ෂ්මන් කොඩිතුවක්කු කෙටි නාට්‍ය නිර්මාණ:
1. සකලකලා (ප්‍රහසනය)
2. හුස්ම, 2016
3. ප්‍රේමයට මාංචුවක්, 2017
4. ගෝඩ් ෆෝ සේල්, 2018
5. කිකිළියෝ හඬළති, 2025
ලක්ෂ්මන් කොඩිතුවක්කු ළමා නාට්‍ය නිර්මාණ:
1. කලියුගයේ අපායක්
2. සුදු රාක්ෂයා
3. උන් පොඩි එවුන්
4. රත්තරන්
5. වෙසක් කූඩුව
6. හඳ හාවට මොකද වුණේ, 2025
වෙනත් විස්තර:
මීට අමතරව ලක්ෂ්මන් කොඩිතුවක්කු ඕස්ට්‍රේලියාවේ සිට පළවෙන පහන, සන්නස සහ සිසිල නම් මාසික සඟරා සඳහා තීරු ලිපි, විශේෂාංග ලිපි සහ ග්‍රන්ථ විචාර රචනා කර ඇත.
ලිපිනය: ඊ-මේල්: ranidu61@gmail.com
ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක් - ග්‍රන්ථ විචාරය

මුල් රුසියානු බසින් සිංහලයට නැගුණු අපූරු කාව්‍යමය අනුවර්තනයක්!
ශ්‍රේෂ්ඨ රුසියානු සාහිත්‍යය සිංහල පාඨකයාට සමීප කළ කෘතහස්ත පරිවර්තකයන් අතර, දැදිගම වී. රුද්‍රිගු, පද්ම හර්ෂ කුරණගේ යන පරිවර්තකයන් දෙදෙනාට හිමිවෙන්නේ අද්විතීය ස්ථානයකි. ඒ, ඔවුන් දෙදෙන රුසියන් සාහිත්‍යය රුසියානු බසින් ම අප වෙත සමීප කළ කෘතහස්ත පරිවර්තකයන් දෙදෙනකු වන හෙයිනි. භූගෝලීය වශයෙන් මෙන් ම, සංස්කෘතික වශයෙන් ද අපට බොහෝ දුරස් රටක සාහිත්‍යය මෙතරම් තදින් අප හද ඇද බැඳ තබා ගන්නට හේතු වූයේ, එම රුසියානු සාහිත්‍යයේ සජීවි රසය නුසුන් කර එහි රසය ඒ ආකාරයෙන් ම රැගෙන එන්නට ඔවුන් අනලස්ව හා සාවධානයෙන් යුතුව කටයුතු කළ හෙයිනි. ඒ සඳහා ඔවුනට රුසියානු බස හා රුසියානු සංස්කෘතිය පිළිබඳවත්, සිංහල භාෂාව සහ සිංහල සංස්කෘතිය පිළිබඳවත් මනා දැනුමක් හා අවබෝධයක් තිබිණි.
රුසියානු - ශ්‍රී ලංකා සබඳතා ඇති වූ දා පටන් රුසියානු භාෂාව අතැඹුලක් සේ හදාළ, එකී ද්වීභාෂික දැනුම ඇති, සිය දහස් ගණනක පිරිසක් අප අතර සිටිය ද දැදිගම වී. රුද්‍රිගු, පද්ම හර්ෂකුරණගේ යන ප්‍රවීණ පරිවර්තකයන්ගෙන් පසුව රුසියන් බසින් ම සිංහල බසට සාහිත්‍ය පරිවර්තනයේ යෙදෙන පරිවර්තකයකු අපට දක්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.
මෑත ඉතිහාසය ගත්විට ඒ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින පරිවර්තකයන් කිහිපදෙනකු ම මෙහි දී අපට සිහිපත් වේ. ඉන් ආචාර්ය පාලිත ගනේවත්ත, ආචාර්ය රන්ජන දේවමිත්‍ර සේනාසිංහ, ෆීලික්ස් ප්‍රනාන්දු, මල්රේණු කස්තුරිරත්න, රූපසිරි පෙරේරා, පුෂ්ප රන්ජන් විජේසිංහ යන පරිවර්තකයෝ ඉදිරියෙන් ම සිටිති.
එයින් ආචාර්ය පාලිත ගනේවත්තයන් අපට සුවිශේෂ වෙන්නේ අදටත් ලොව විශිෂ්ටතම කෙටිකතාකරුවා ලෙස සැලකෙන රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ්ගේ නිර්මාණ ජීවිතය පිළිබඳව ඔහු විධිමත් හා ගැඹුරු අධ්‍යයනයක යෙදී සිටින හෙයිනි. ඔහු මීට පෙර පළ කළ “ඇන්ටන් චෙකොෆ් සිය වසරකට පසු කෙටිකතා”, “දොස්තර චෙකොෆ්”, “ඇනා ගෙල පැලඳ සහ තවත් කතා”, “ඇන්ටන් චෙකොෆ්ගේ ලියුම්” සහ “චෙකොෆ් පිළිබඳ සමකාලීනයන් ගේ සැමරුම් සටහන්” යන කෘති ඊට නිදසුනි.
විසි වසරතට වැඩි කාලයක් තිස්සේ ඔහු විසින් සිදු කරන ලද එම භාරදූර අධ්‍යයනයේ නවතම ප්‍රතිඵලය මේ වනවිට අප අත පත්ව තිබේ. ඒ, ඔහු රුසියානු මුල් බසින් සිංහලයට නගන ලද “ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්” නම් ග්‍රන්ථය යි.
පාලිත ගනේවත්තයන් මේ දක්වා “මාවත අබියස” හා “ඇවිත් නොරටක” නමින් නවකතා දෙකක් ද, “ලේ හුරු සුවඳ” හා “තුන් පෙර නිමිති” නමින් කෙටිකතා පොත් දෙකක් ද, “බොඳවූ ලොව” හා “ඇසි පිය” නමින් කාව්‍ය සංග්‍රහ දෙකක් ද, “ගුණදාස අමරසේකර සංවාද” නමින් විවිධ විෂයය කෘතියක් ද පළ කර තිබේ. ඔහුගේ නවකතා දෙක හා “ලේ හුරු සුවඳ” කෙටිකතා සංග්‍රහය අනුපිළිවෙලින් “A Tale from a Promised Land”, “The Road Ahead” හා “The Scent of Kinship” නමින් වෙනත් කතුවරයන් විසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත.
ඔහුගේ නවතම සාහිත්‍ය ව්‍යායාමය වන “ඇන්ටන් චෙකොෆ්ගේ කෙටිකතා දහයක්” ග්‍රන්ථය ගැන පාලිත දක්වන්නේ මෙවන් අදහසකි.
“එක් බසකින් තව බසකට මෙන් ම, තම මව්බසට පරිවර්තනය කිරීම දුෂ්කර කාර්යයකි - සාහිත්‍ය නිර්මාණයක දී වචනයෙන් වචනය කෙළින්ම පරිවර්තනය කළ නොහැකි ය. වදන්වල කෝෂාර්ථය ඉක්මවා භාවික අරුත් දනවන අර්ථයට ගැලපෙන නිශ්චිත වදන් මව්බසින් සොයා ගත යුතු ය. වසර ගණනාවක් රුසියාවේ වාසය කරමින්, රුසියානු බස හොඳින් ප්‍රගුණ කළ මම රුසියානු ජනතාවගේ ජීවන රටාව හා සිතුම් පැතුම් අනුව රුසියානු බසේ වදන්වල කෝෂාර්ථ ඉක්මවන භාවික අරුත් වටහාගන්ට සමත්වීමි. මෙය රුසියානු මුල් බසින් සිංහලයට පෙරලීමේ මහත් වාසියක් විය. මේ පොත පරිවර්තනයක් නොව අනුවාදයක් ලෙස හඳුන්වා ඇත්තේ ඒ නිසා ය.”
එනිසා, අපි ද ඔහුගේ මෙම ග්‍රන්ථය පරිවර්තනයක් ලෙස නොව, අනුවාදයක් ලෙස සලකමු.
ඔහුගේ මෙම අනුවාදයට චෙකොෆ්ගේ “වාන්කා”, “නිවසේ දී”, “ගුසෙෆ්”, “එක්තරා වෙළෙඳ ආයතනයක කතාවක්”, “බිරි`ද”, “තණ පෙත්තා”, “ඉයෝනිච් වෛද්‍යවරයා”, “දොස්තර ගමන”, “සුන්දරී” සහ “බල්ලා සමග ඇවිදින කාන්තාව” යන කෙටිකතා ඇතුළත් ය.
මෙම කෙටිකතා, පෙළ ගැස්වීමේ දී චෙකොෆ්ගේ නිර්මාණ පරිණාමය ගැන පාඨකයාට කිසියම් අවබෝධයක් ලැබෙනු පිණිස අනුපිළිවෙලින් පෙළ ගැස්වීමට ආචාර්ය පාලිත ගනේවත්ත කටයුතු කරතිබීම බෙහෙවින් පැසසුම් කටයුතු ය.
මේ කතා සියල්ල මුල් රුසියානු බසින් සිංහලයට අනුවර්තනය කරන්නට තමා උපයෝගී කර ගත්තේ, 1983 සිට 1988 දක්වා කාලය තුළ “සෝවියට් විද්‍යා ඇකඩමිය” මගින් පළ කරන ලද වෙළුම් 30කින් සමන්විත “චෙකෝෆ්ගේ එකතු කළ කෘති සංග්‍රහය” බවත්, ඉන් පළමු වෙළුම් 18 ට චෙකෝෆ් ගේ කෙටිකතා හා නාට්‍ය ඇතුළත් වන අතර, ඉතිරි වෙළුම් 12 ට චෙකෝෆ් ගේ ලියුම් ඇතුළත් වන බවත් ඔහු සිය පෙරවදනේ සඳහන් කරයි.
විදෙස් බසකින් ලියැවුණු නිර්මාණයක මුල් කෘතියෙන් වෑහෙන රසය ම එහි පරිවර්තනය හෝ අනුවර්තනය තුළින් ද නොඅඩුව විඳින්නට නම්, එහි මුල්බසින් ම එය අනෙක් බසකට නැගීම වැදගත් වන්නේ යම් සේ ද, එකී නිර්මාණයට ප්‍රස්තුත වූ සමාජ, දේශපාලන හා සංස්කෘතික පසුබිම පිළිබඳ යම් පමණක අවබෝධයක් එම පරිවර්තනය හෝ අනුවර්තනය රසවිඳින පාඨකයා සතුවීම ඒ හා සමානව ම වැදගත් වේ. එනිසා, ආචාර්ය පාලිත ගනේවත්ත ඒ සම්බන්ධයෙන් සාවධාන වෙමින් චෙකෝෆ්ගේ කෙටිකතා නිර්මාණවලට තුඩු දුන් දහනව වන සියවසේ අග භාගයේ රුසියානු සමාජ සංස්කෘතික පසුබිම හා චෙකෝෆ්ගේ කෙටිකතා කලාව අරබයා කෙටි හැඳින්වීමක් සහිත වටිනා ප්‍රස්තාවනාවක් ඔහුගේ මේ පොතට ඇතුළත් කර තිබීම බෙහෙවින් අගය කළ යුත්තකි.
මෙහි එන “වාන්කා” නම් පළමු කෙටිකතාව චෙකොෆ් ලියන්නේ 1886 තරම් ඈත කාලයක ය. ඒ වනවිට ඔහු 26 වන වියේ පසු වී ය. චෙකොෆ්ට “පුෂ්කින් සාහිත්‍ය ත්‍යාගය” හිමිවෙන්නේ ඉන් වසර දෙකකට පසු එනම්, 1888 වසරේ දී ය. මෙම කෙටිකතාව ඇසුරින් විනාඩි 30 ක ධාවන කාලයකින් යුත් රූපවාහිනී නාටකයක් ඉන් බොහෝ කලකට පසුව එනම්, 1963 දී බටහිර ජර්මනියේ නිෂ්පාදනය වී ය.
චෙකොෆ්ගේ කෙටිකතා තුළින් පසුකාලීන ව සිදුවූ කෙටිකතා කලාවේ ආකෘතිමය වෙනසෙහි සෙවනැලි මුල, මැද, අග සහිත සම්ප‍්‍රදායික කතා ශරීරයක් නොමැති ඔහුගේ මෙවැනි මුල් කාලීන කෙටිකතාවල ද යම් පමණකින් හෝ දක්නට ලැබීම විශේෂත්වයකි.
මෙහි එන “නිවසේ දී” නම් වන දෙවන කෙටිකතාව චෙකොෆ් ලියන්නේ 1887 වසරේ දී ය. ළමයකුගේ සහ වැඩිහිටියකුගේ මනස ක‍්‍රියා කරන ආකාරය විස්තර කරන්නට උත්සාහ කරන ඔහු අවසානයේ ඍජු ප්‍රකාශන ආකෘතියකට වඩා කලාත්මක ප්‍රකාශන ආකෘතියේ ඇති සුන්දරත්වය සියුම් ව පාඨකයාට පෙන්වා දෙයි.
පරිච්ඡේද පහකින් යුත් දීර්ඝ කෙටිකතාවක් වන “ගුසෙෆ්” කෙටිකතාව චෙකොෆ් නිර්මාණය කරන්නේ 1890 වසරේ දී ය. එම වසරේ නොවැම්බර් මස 10 වන දින සිදු වූ “චෙකොෆ්ගේ ලංකා ගමන” හා මෙම කෙටිකතාව අතර ඍජු සම්බන්ධයක් පවතී. ඒ, අටමාසයක් පුරා කිසිවක් නොලියූ, කිසිදු සාහිත්‍ය ක‍්‍රියාකාරකමකට අත නොගැසූ චෙකොෆ්ගේ සිත තුළ නොවැම්බර් 12 වැනි දින සන්ධ්‍යාවේ පසුගිය මාස අටක කාලය තුළ ඔහු දුටු සියලු දේ කැටිකොට ගත් සාහිත්‍ය නිර්මාණයක් පිළිසිඳ ගැනීම ය. ඒ සඳහා දායක වූයේ ලංකාව යි. චෙකොෆ් නෞකාවේ එන අතරවාරයේ දී නැවේ දී මියයන නැවියන් රෙදිකඩෙක ඔතා මුහුදට දමන ආකාරය ඛේදාන්තයක් ලෙස “ගූසෙෆ්” නමින් ලියැවුණු මෙම සාහිත්‍ය නිර්මාණය තුළ ඔහු විස්තර කරයි. ජීවිතයේ අනිත්‍යතාව සහ අපේ පැවැත්මේ වැදගැම්මකට නැතිකම පිළිබඳ අදහසක් ඔහු එයින් මතුකරන්නට උත්සාහ කරයි.
චෙකොෆ්ගේ ලංකා ගමන ගැන සවිස්තරාත්මක තොරතුරු ශ්‍රී ලාංකිකයකු වන ආචාර්ය රන්ජන දේවමිත්‍ර සේනාසිංහ සහ රුසියානු ලේඛයකු වන ඇනටොලි රොඩොව් මේ සම්බන්ධයෙන් සිදුකරන ලද පර්යේෂණ නිබන්ධනවලත්, ඇනටොලි රොඩොව් විසින් ප්‍රකාශිත “My Sri Lanka” කෘතිය තුළත් ඇතුළත් වේ.
චෙකොෆ් 1892 දී ලියන “එක්තරා වෙළෙඳ ආයතනයක කතාවක්” ඕනෑ ම සමාජයක පොත්පත්වලට හිමි තැන කදිමට නිරූපණය කරන කතාවකි. මෙය පොත්පත් හැරෙන්නට අනෙක් හැමදේ ම ඇති පොත් සාප්පු තිබෙන අපේ රටට ද අදාළ නොවන්නේ නොවේ.
චෙකොෆ් 1895 දී රචනා කරන “බිරිඳ” නම් කෙටිකතාව 19 වන සියවසේ අගභාගයේ රුසියාවේ බිඳ වැටෙමින් තිබූ විවාහ පිළිබඳ සංවේදී ගවේෂණයකි.
චෙකොෆ් 1892 දී රචනා කළ “තණ පෙත්තා” ත‍්‍රිකෝණ ප්‍රේම වෘත්තාන්තයක් පිළිබඳව ලියැවුණු කෙටිකතාවකි. මෙය නිර්මාණය කිරීමේ දී වෛද්‍ය විද්‍යාව පිළිබඳවත්, චිත‍්‍ර, සංගීත ඈ කලා ශිල්ප පිළිබඳවත් ඔහු සතු දැනුම සහ අවබෝධය චෙකොෆ් මැනවින් උපයෝගී කරගෙන තිබේ.
මෙහි එන “ඉයෝනච් වෛද්‍යවරයා” කෙටිකතාව චෙකොෆ් ලියන්නේ 1898 දී ය. ප්‍රතික්ෂේප වන විවාහ යෝජනාවක් නිසා කලකිරීමට පත්ව මුදල් හා දේපල ගොඩගසා ගැනීම තෘප්තිය කරගන්නා එහෙත්, සිතේ සැනසිල්ලක් නොමැති වෛද්‍යවරයකු වටා ඔහු මෙම කෙටිකතාව ගොඩනගා තිබේ.
“දොස්තර ගමන” කෙටිකතාව ද චෙකොෆ් 1898 වසරේ ම රචනා කරන ලද්දකි. විසිවන සියවස ආරම්භයේ දී රුසියාවේ පැවැති සමාජ නොසන්සුන්තාව හෙළිකරන මෙමගින් සතුට සැනසිල්ල යනු ධනය පමණක් නොවන බව පෙන්වා දෙයි.
මෙහි එන “සුන්දරී” නම් කෙටිකතාව ද චෙකොෆ් රචනා කර ඇත්තේ එම වර්ෂයේ ම ය. සහජීවනය, හඳුනාගැනීම් හා සබඳතා හරහා ජීවිතයට අර්ථයක් එක්කර ගැනීම යන තේමාවන් ගවේෂණය කරන මෙම කෙටිකතාව මගින් එම සබඳතා අවසන් වූ විට හුදකලාව සහ බලාපොරොත්තු සුන්වීමට ඇති හැකියාව ඉස්මතු කරයි.
මෙම කෙටිකතා සංග්‍රහයේ අවසන් කෙටිකතාව “බල්ලා සමග ඇවිදින කාන්තාව” නම් චෙකොෆ්ගේ වඩාත් සුප්‍රකට කෙටිකතාව යි. 1899 වසරේ රචනා කළ මෙම කෙටිකතාව වැඩිහිටි පිරිමියකු හා කාන්තාවක අතර ඇතිවන ප්‍රේමය ඉතා සුක්ෂම අයුරින් විග්‍රහ කරන විශිෂ්ට නිර්මාණයකි.
මෙම කෙටිකතාව ඇසුරින් රුසියාව ඇතුුළු ලොව විවිධ රටවල් සිනමාපට, වේදිකා නාට්‍ය, මුද්‍රා නාට්‍ය ඈ කලා නිර්මාණ ගණනාවක් නිපදවා තිබේ.
ප්‍රවීණ සාහිත්‍යවේදී ආචාර්ය ගුණදාස අමරසේකරයන්ගේ සහ මහාචාර්ය විමල් දිසානායකයන්ගේ කෙටි පසුවදන් දෙකකින් ද පාලිතගේ මෙම අනුවර්තිත කෙටිකතා සංග්‍රහය ආලෝකවත් වී තිබේ. “චෙකෝෆ් යනු ගද්‍යයට පිවිසි පුෂ්කින්” යැයි වරක් ටෝල්ස්ටෝයි ප්‍රකාශ කළ වදන් සනාථ කරමින් කාව්‍යමය බස් වහරකින් චෙකොව් රචනා කළ මෙම කෙටිකතා සියල්ල එකී කාව්‍යමය බස් වහර ඒ ආකාරයෙන් ම සුරකිමින් සිංහලයට නගන්නට ආචාර්ය පාලිත ගනේවත්ත ගෙන ඇති උත්සාහය පැසසිය යුතු කරුණක් වෙන්නේ එය එතරම් ලෙහෙසි පහසු කාර්යයක් නොවන හෙයිනි.
අනුර බී සෙනෙවිරත්න
එල්ම් තුරු යට ස්නේහය: පරිවර්තිත නාට්‍ය පිටපත

Maha Wedage Champa Pushpa Buddhipla is a nationally recognized playwright, producer and translator. He is the author and producer of three original plays – Krishna, Dascon and Meththara. In addition, he is the translator and producer of Tennessee William’s celebrated play A Streetcar Named Desire. His latest translation is a play by the distinguished American playwright, Eugene O’Neill - Desire Under the Elms.
Given Champa Buddhipala’s facility with Sinhala and English and his deep acquaintance with the theatre many came to expect a successful rendering of this play into Sinhala by him.
Buddhipala did not disappoint; he rose to the occasion splendidly. His translation displays sensitivity, understanding and discernment. Eugene O’Neill is one of the greatest American playwrights of the twentieth-century. In 1924 he wrote this play Desire Under the Elms. Since then it has generated a great interest, even controversy, among avid theatre-goers. In 1936 he was awarded the Nobel prize for literature.
O’Neills plays are realistic, but he is in search of a deeper psychological realism. His dramatic instincts are vitally connected to the commitment to explore volcanic emotions.
Dark human emotions
Desire Under the Elms is a complex family drama that takes place in a farm house in the North Eastern America. It a reconfiguration of turbulent, troubling and dark human emotions. It deals with love, lust, jealousy, betrayal, and gestures towards infanticide and incest. In writing this play Eugene O’Neill was influenced by Greek theatre, most notably the work of Euripedes as well as modernists such as Ibsen and Strindberg. Champa Buddhipala has made his translation with a deep understanding of O’Neill’s preoccupations, investments, strengths and limitations.
Buddhipala’s translation is sensitive and intelligent; in addition, he has sought to make it a critical translation. I shall explain this concept presently. During the past few decades, translation studies has progressed rapidly. We can identify five central approaches to translation. First, the attempts of linguists, both structuralists and transformational grammarians, of diverse stripes invite attention. Second the investigations of philosophers are significant. Here I wish to include both Anglo American philosophers and continental philosophers. For example, in his book Word and Object, the American thinker Quine foregrounds a number of issues related to translation.
Third, the analyses of cultural anthropologist, cultural studies scholars and cultural historians merit close consideration, Fourth in recent years, scholars with a visible interest in post-colonial theory have proposed newer ways of approaching the task of translation. They have proposed the notion of cultural translation with its manifold implications. Fifth, drawing on these diverse approaches, students of translation studies have sought to open up new pathways of inquiry. These efforts have led to the idea of critical translation. It can also be termed self-reflective translation or introspective translation. One can observe the nature of critical translation in the way Gayatri Spivak has rendered Mahasweta Devi’s Bengali work into English.
Significance of critical translation
Bertolt Brecht’s epic theatre allows us to attain a better understanding of the nature and significance of critical translation. In Brecht’s epic theatre the players perform in such a way that that they do not totally identify with the character being portrayed and seek to attain a significant critical distance. between the actor and the character being portrayed. Here one can discern the privileging of a reflective distance. Similarly, in the act of translation, the translator seeks to offer a critical comment on the dramatic text through the very verbal choices he or she makes. It seems to me that Champa Buddhipala in his translation of Eugene O’Neill’s Desire Under the Elms has in a very subtle way attempted to move in this direction.
Translations of the kind that Buddhipala has made serve to perform a number of important functions. First, they offer a unique and well -constructed theatrical experience. This helps to strengthen the literary sensibility of readers. Second, they facilitate the widening of the horizons of dramatic understanding. Third such translations have the effect of enlarging the vocabulary of emotions. Fourth these efforts pave the way for the emergence of a comparative evaluative vision. Such a vision is important for the steady growth of the Sinhala theatre.
Translations and adaptations have played a pivotal role in the forward movement of Sinhala drama. In the early phase, apart from the translations of Shakespeare’s work, dramatists such as Moliere, Chekhov, Gogol were important. Later celebrated dramatists like Ibsen, Strindberg, Brecht, Pirandello, Becket, Anouilh, Arthur Miller, Garcia Lorca, Camus, Tennessee Williams made a decisive impact. Chapa Buddhipala’s translation of Desire Under the Elms joins these important endeavors of literary translation. Some years ago he translated and produced Tennessee Williams’ A Streetcar Named Desire winning much critical praise.
In any act of literary translation, the translation has to be faithful to the original while creating a work in the receiver language that appears to be natural and self-contained. This is no easy task.
Some err on the side of literal translation. Nabokov is case in point. Others focus too excessively on the beauty and elegance of the translated text at times distorting the original. Pasternak is a case in point.
It is to the credit of Buddhipala that he has been able to repossess the wished for middle ground. In addition, this being a play, the translation has to be sensitive to the demands of the living theatre. Buddhipalaa displays this sensitivity. For example, in Desire Under the Elms, the intense emotions are carried on the back of colloquial expressions, and a would be translator has to be alert to this challenging fact. Champa Buddhipala is alert to it.
All in all, the translation of Desire Under the Elms by Champa Buddhipala is a commendable effort that serves to enrich the Sinhala theatre in interesting ways.
Reviewed by Professor Wimal Dissanayake
ඇනට් ගුණසේකර, ඕස්ට්‍රේලියාව

ඇනට් ගුණසේකර සාහිත්‍ය නිර්මාණ:
1. පිය සෙනෙහස (කාව්‍ය සංග්‍රහය), 2002
2. අතීත සෙවනැලි (කාව්‍ය සංග්‍රහය), 2007
3. සොහොයුරු පෙම (කාව්‍ය සංග්‍රහය), 2025
4. මව් සෙනෙහස (කාව්‍ය සංග්‍රහය), 2025
ඇනට් ගුණසේකර ගීපදමාලා:
* සතුට හා කඳුල (සංයුක්ත තැටිය), 2015
පාසල් කාලයේ සිටම කවි පද බැඳීම කළ ඇනට් ගුණසේකර ඇගේ මුල් කෘති ද්වය අලෙවියෙන් ලද මුළු මුදලෙන් කොටසක් මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කළ අතර ඉතිරි කොටස වැයකර රාගම රණවිරු සෙවනට පුටු විසිපහක් පරිත්‍යාග කළාය.
ලිපිනය: නිව් සවුත් වේල්ස්, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: annette.guna@gmail.com
මෛත්‍රී පනාගොඩ, ඕස්ට්‍රේලියාව

මෛත්‍රී පනාගොඩ ගේ සාහිත්‍ය නිර්මාණ:
1. වසන්ත උදානයක් නොවේ (කාව්‍ය සග්‍රහය), 1975
2. හද මුමුණන හඬ (කාව්‍ය සග්‍රහය), 2018
3. සුදු වැලි (ගී පදමාලා), 2020
4. Whispers of the Heart (Translations of Sinhala lyrics), 2021
5. Pages of Life (Anthology of poems), 2022
6. කවියක් සොයා (කාව්‍ය සංග්‍රහය), 2025
මෛත්‍රී පනාගොඩ ගේ ගීපදමාලා සහිත සංයුක්ත තැටි:
1. සුදු වැලි (ගීත එකතුව), 2011
2. හිරු මල හිනැහෙනවා (ගීත එකතුව), 2015
3. ළා හිරු රැස් (ගීත එකතුව), 2017
4. මහමෙර සේ (ගීත එකතුව), 2018
කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ උගත් මෛත්‍රී පනාගොඩ වෘත්තියෙන් අධිනීතීඥවරයෙකි. ඔහු Order of Australia (AM) ගෞරව නාමධාරියෙකි.
ලිපිනය: නිව් සවුත් වේල්සය, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: maithripanagoda@yahoo.com.au
වෙබ් අඩවිය: https://maithripanagoda.com/
දයාරත්න වීරසේකර, ඕස්ට්‍රේලියාව

දයාරත්න වීරසේකර ලියා පළකළ ග්‍රන්ථ:
1. Environmental Guidelines for Secondary Schools (Textbook), 2010
2. Teaching and Learning Guidelines - Environmental Studies Textbook, 2011
3. පරිසරය නිවැරදිව දකිමු (ශාස්ත්‍රීය), 2017
4. ආ මග සටහන් (ජීවන අත්දැකීම්), 2021
5. දේශගුණ විපර්යාස අර්බුදය (ශාස්ත්‍රීය), 2022
මතුගම සහ වේයන්ගොඩ මධ්‍ය විද්‍යාලවල සහ කොළඹ විශ්වවිද්‍යාලයේ අධයාපනය ලැබූ දයාරත්න වීරසේකර විද්‍යා ගුරුවරයෙකු ලෙස ද, විද්‍යා අධ්‍යාපනය පිළිබඳ උපදේශකයෙකු ලෙස ද, ලංකාවේත් සී-ෂෙල්ස් දේශයේත් සේවය කර අධ්‍යාපන පරිපාලන සේවයේ, නියෝජ්‍ය ව්භාග කොමසාරිස් (පර්යේෂණ සහ සංවර්ධන) ලෙස විශ්‍රාම ලැබීය.
ලිපිනය: වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: dayawee2@yahoo.com
වෙබ් අඩවිය: https://dayawee2.blogspot.com/
චන්දන ගුණසේකර, එක්සත් රාජධානිය

චන්දන ගුණසේකර සාහිත්‍ය නිර්මාණ:
1. අවුෂ්විට්ස් හී පච්ච කොටන්නා (Heather Morris ගේ The Tattooist of Auschwitz නවකතාවේ
පරිවර්තනය), 2019
2. පෙට් සෙමට්‍රි (Stephen King ගේ Pet Cemetry නවකතාවේ පරිවර්තනය), 20xx
3. සිල්කා ගේ දිවිසැරිය (Heather Morris ගේ Cilka's Journey නවකතාවේ පරිවර්තනය), 20xx
4. මකුළුවෝ මේ සීත කාලයයි (කාව්‍ය සංග්‍රහය), 2021
5. සංසාර ගමනේ සක්මන් (නවකතාව), 2023
6. ශක්‍රය වැරදිකරු තොප ය (කාව්‍ය සංග්‍රහය), 2023
7. දෘෂ්ටිමානයට ඔබ්බෙන් (Anthony Doerr All The Light We Cannot See නවකතාවේ
පරිවර්තනය), 2025
චන්දන ගුණසේකර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් ලැබූ ඉංජිනේරුවෙකි.
ලිපිනය: ලන්ඩන්, එක්සත් රාජධානිය
ඊ-මේල්: chandanagunasekera@yahoo.co.uk
වෙබ් අඩවිය: https://sandunsevana.blogspot.com/
සුභාෂිණී ජයතිලක, ඕස්ට්‍රේලියාව

සුභාෂිණී ජයතිලක සාහිත්‍ය නිර්මාණ:
1. සේයා සංකල්පනා (කාව්‍ය සංග්‍රහය), 2020
2. හෙළ රසක කවි වරුණ (කාව්‍ය සංග්‍රහය), 2021
3. Cascading thoughts in Pandemic Time (Anthology of poems with Eva P Wickramage), 2022
4. ක්ෂිතිජය සිසාරා: through the horizon (හයිකු කාව්‍ය සංග්‍රහය), 2024
සුභාෂිණී ජයතිලක ඕස්ට්‍රේලියාවේ බැංකු සේවයේ නියුතු පුහුණු කළමණාකාරිනියකි. ඇගේ හයිකු කවි දෙස්-විදෙස් රටවල විද්‍යුත් සහ මුද්‍රිත හයි කාව්‍ය සංග්‍රහවල පළ වී ඇත. ඇය ගේයපද රචිකාවියක් ද වේ.
ලිපිනය: නිව් සවුත් වේල්සය, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: subhagoonaratne@gmail.com
හෙල්මලී ගුණතිලක, ඕස්ට්‍රේලියාව

හෙල්මලී ගුණතිලක සාහිත්‍ය නිර්මාණ:
1. සහස් පියවර (කෙටිකතා එකතුව), 2019
2. සුලු ප්‍රාතිහාර්ය දෙපාර්තමේන්තුව (කෙටිකතා එකතුව), 2023
සී-ෂෙලස් දිවයිනේ, ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ උගත් හෙල්මලී ගුණතිලක වෘත්තියෙන් පුස්තකාලාධිපතිනියකි. ඇය පරිවර්තිකාවක මෙන්ම චිත්‍රශිල්පිනියක ද වේ.
ලිපිනය: වික්ටෝරියා, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: helmalie999@yahoo.com
බ්ලොග් අඩවිය: https://hotchocolatedays.blogspot.com/
පවිත්‍රා අභයවර්ධන, කැනඩාව

පවිත්‍රා අභයවර්ධන සාහිත්‍ය නිර්මාණ:
1. කුරු හා වෙනත් කතා (කෙටිකතා එකතුව), 2023
2. ලීව් නෝ ට්‍රේස්: Leave No Trace (කෙටිකතා එකතුව), 2025
කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ සහ රුහුණ විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ පවිත්‍රා අභයවර්ධන සිවිල් ඉන්ජිනේරුවරියක් ලෙස ලංකාවේ මධ්‍යම පරිසර අධිකාරිය, ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශ කාර්යංශය හා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අවුරුදු 12 ක් පමණ සේවය කළාය. ඇය ලංකාවේ “අද” පුවත්පතේ භාෂා පරිවර්තිකාවක ලෙස ද කටයුතු කර ඇත.
ලිපිනය: සරේ නගරය, බ්‍රිටිෂ් කොලොම්බියා, කැනඩාව
ඊ-මේල්: pavithra.sithuwili@gmail.com
නිර්මාණ එකතුව: https://www.facebook.com/Paviithra.Abhayawardana
මාලන් බණ්ඩාර කපුවත්ත, ඕස්ට්‍රේලියාව

මාලන් බණ්ඩාර කපුවත්ත සාහිත්‍ය නිර්මාණ:
1. හද පැල්ලම (කාව්‍ය සංග්‍රහය: අනුර බණ්ඩාර හේරත් සමඟ), 2004
2. අඟුණ මල් (කාව්‍ය සංග්‍රහය), 2015
3. නිමා වූ සෘතුවක ශේෂ පත්‍ර (කාව්‍ය සංග්‍රහය), 2020
4. නටු (කාව්‍ය සංග්‍රහය), 2024
රජරට විශ්වවිද්‍යාලයේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මාලන් බණ්ඩාර කපුවත්ත ලේක්හවුස් ආයතනයේ සේවය කළ පුවත්පත් කලාවේදියෙකි.
ලිපිනය: මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: sirikapuwatta@yahoo.com
නයෝමි සිරිනාලි නවරත්න, ඕස්ට්‍රේලියාව

නයෝමි සිරිනාලි නවරත්න සාහිත්‍ය නිර්මාණ:
1. සිහින තුල මුත් අමුතු රස ඇති (කාව්‍ය සංග්‍රහය), 2016
2. සිඹිමි නිල් තුරු සිරස (කාව්‍ය සංග්‍රහය), 2018
නයෝමි සිරිනාලි නවරත්න සාහිත්‍ය ග්‍රන්ථ සංස්කරණ:
1. කාව්‍යාංජලී (සඳැස් කාව්‍ය සංග්‍රහය), 2014
2. සඳස: නිලවර පියස (සඳැස් කාව්‍ය සංග්‍රහය), 2016
කුඩා කල සිටම නිර්මාණකරණයේ යෙදුණු නයෝමි සිරිනාලි නවරත්න වඩාත් සක්‍රීය වූයේ ෆේස්බුක් කවිපිටු හරහාය. සඳස් කවි සංගම් හරහා සඳැස් කාව්‍යකරණයේ පුනරුදය සඳහා උපදේශක සහ පරිපාලන දායක්ත්වය සැපයා ඇති ඇය වෘත්තියෙන් ගුරුවරියකි. ඇය ගේයපද රචිකාවියක ද වේ.
ලිපිනය: නිව් සවුත් වේල්සය, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: nayomi.nawarathne@ymail.com
නිරාෂ ගුණසේකර, ඕස්ට්‍රේලියාව

නිරාෂ ගුණසේකර සාහිත්‍ය නිර්මාණ:
1. බඹරු එළපු දැල් (ගේය කාව්‍ය සංචිතය), 2004
2. හිමි සඳ නැති අඳුර (ගේය කාව්‍ය සංචිතය), 2008
3. ණයට දුන් සඳ එළිය (කාව්‍ය සංචිතය), 2010
4. සුදු කතක් හා මධුවිතක් (කාව්‍ය සංචිතය), 2014
5. මැරිලින් මොන්රෝ නුඹ සහ මම (කාව්‍ය සංචිතය), 2015
6. හෙනා ලියවැලක හිනැහෙන මල් පෙති (කාව්‍ය සංචිතය), 2017
7. අසෙනිය කුසුම (කාව්‍ය විචාර), 2017
8. නුරා පිරුණු සිලුවටයක (කාව්‍ය සංචිතය), 2021
8. Shadows in the Frame (Novel), 2025
මාතර රාහුල විද්‍යාලයේ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් නිරාෂ ගුණසේකර වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙකි.
ලිපිනය: මෙල්බර්න්, ඕස්ට්‍රේලියාව
ඊ-මේල්: nirasha_pr@yahoo.com
“ඇවිත් නොරටක”: ඕස්ට්‍රේලියානු - ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ කැටපතකි

ඕස්ට්‍රේලියාවේ විශේෂ ගුවන්විදුලි සේවයේ (SBS) සිංහල ගුවන් විදුලි වැඩසටහනේ නිෂ්පාදක/නිවේදකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේ සිංහල අසන්නනන් හොඳින් හඳුනන පාලිත ගනේවත්ත මහතාගේ සාහිත්‍ය නිර්මාණ අතරට එක් වූ ‘ඇවිත් නොරටක’ නවකථාව කරුණු කිහිපයක් නිසා ම පාඨක අවධානයට ලක් විය යුතු ය.
ඉන් පළමුවැන්න නම් ‘ඇවිත් නොරටක’ නවකථාව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති නව ශ්‍රී ලාංකික පරපුරක ආත්මය මෙන්ම ඔවුන්ගේ සිතුම් පැතුම් ද නිරූපිත ප්‍රථම සිංහල නවකථාව වීමයි. එබැවින් ‘ඇවිත් නොරටක’ නවකථාව සිංහල නවකථා ඉතිහාසයේ වැදගත් මග සලකුණක් සේ සඳහන් විය යුතු ය. විශේෂයෙන් ම මෙය සිංහල ජන වංශයේ විගාමික පරපුරක සිතුම් පැතුම්, ඇගයුම්, ධර්මතා නිරූපණය කරන සංස්කෘතික ප්‍රවණතා ද පෙන්නම් කරන නවකතාවකි.
‘ඇවිත් නොරටක’ නවකථාව වැදගත් වන තවත් කාරණයක් නම් නව විදේශ වදන් සිංහල භාෂාවට යොදා ගන්නේ කෙසේ ද යන පැනයට ද උදාහරණ සපයා දෙන නිසා ය. විශේෂයෙන්ම විදේශගතවන සිංහලයන්ට අළුත් සහ නුහුරු වදන් මාලාවක් අපේ සම්ප්‍රදායික භාෂාව තුල භාවිතා කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාවය ප්‍රථමයෙන් ම සිය මුල්ම නවකතා වන ‘මළ ගිය ඇත්තෝ’, ‘මළවුන්ගේ අවුරුදු දා’ සහ ‘වල්මත් වී හසරක් නුදුටිමි’ වැනි නවකථා තුළින් සිංහල පාඨකයන්ට ඉදිරිපත් කළේ එදිරිවීර සරච්චන්ද්‍ර මහතා ය. ඕස්ට්‍රේලියානු දේශය තුළින් මතුවන සිංහල වදන් ලෙස සැලකිය හැකි ‘ලර්නර්ස් ලයිසන්ස්’, ‘රෙන්ට් ඇසිස්ටන්ස්’, ‘ටෙලර් යන්ත්‍රය’, ‘ඩෝල් එක’ සහ ‘බාබකිව් භෝජන සංග්‍රහය’ ආදී වචන නිදහසේ සිය ආඛ්‍යානයේ ම ලක්‍ෂණයක් (Narrative Style) කර ගැනීමට ගනේවත්ත මහතා සමත් වී ඇත.
මේ සියලුම කරුණුවලට අමතරව ‘ඇවිත් නොරටක’ නවකථාව වැදගත්වන්නේ විගාමිකයින් ලෙස (සහ විවිධ හේතු නිසා) ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වු පරම්පරා තුනක සිතුම් පැතුම් හා ඇගයුම් සමුදායන් ද මේ නවකතාවේ අන්තර්ගතය (Content) වී ඇති බැවිනි.
මින් එක් පරම්පරාවක් වන්නේ ශ්‍රී ලංකාවේ ඇති යුද්ධයේ ප්‍රතිවිපාකවලින් ගැලවීම පිණිසත්, සිය දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට පැමිණෙන තරුණ වෘත්තීමය පන්තියකට අයත් පුද්ගලයින් පිරිසකි. මේ නවකතාවේ චරිත නායකයා සහ නායිකාව වන සුනිමල් සහ නිර්මලී සංකේතවත් කරන්නේ මුල් පරම්පරාවේ ප්‍රධාන විගාමිකයන් ය.
වයස අඩු බැවින් තීරණ ගත නොහැකිව දෙමව්පියන් සමග ඕස්ට්‍රේලියාවට විත් සිංහල-බෞද්ධ සිරිත් විරිත් බැහැර කොට අවසානයේ දී වෙනත් අන්දමක ‘කළු’ හෝ ‘දුඹුරු’ ඕස්ට්‍රේලියානුවන් වන දරුවන් දෙවෙනි පරම්පරාවට අයත් විගාමිකයන් ය. ‘ඇවිත් නොරටක’ නවකතාවේ මේ දෙවෙනි පරම්පරාව නිරූපණය වන්නේ මුලින් කුඩා දරුවන් ලෙසත්, පසුව වැඩිහිටියන් ලෙසත් ඕස්ට්‍රේලියාවේ ජීවන රටාවට පහසුවෙන් අනුවර්තනය වන අවන්ති දියණිය සහ ප්‍රසංග පුතණුවන් ය.
මේ පරම්පරා දෙකට අමතරව මුල් පරපුරේ විගාමිකයන්ගේ වැඩිහිටියෝ ද සිය දරුවන්ට පසුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙති. නිර්මලී ගේ පියා වන පලිපානත්, සිඩ්නි නුවර දී ඔහුට මුණ ගැසෙන සමවියේ මිතුරා වන සමරවික්‍රමත් වැඩිහිටි විශ්‍රාමිකයෝ ය. ඔවුහූ ඕස්ට්‍රේලියාවේ නව ජීවන රටාවක් සහ අළුත් චර්යා ධර්ම පද්ධතියක් වැළඳ ගන්නා තම මුනුබුරු, මිණිපිරියන් ගැන කම්පාවන්නෝ ය.
විශේෂයෙන් ම දෙවෙනි පරම්පරාවේ දරුවන් ද ඔවුන් ගේ වැඩිහිටි පරම්පරාව ද අතර ඇති වන සංස්කෘතික ගැටුම් පිළිබඳව ගනේවත්ත මහතාගේ නිරීක්‍ෂණ වැදගත් ය. ඇතැම් විට ඒවා සමාජ මානව විද්‍යාඥයකු සේ අප තුළ නව ධාරණා (Impressions) හා ආලෝචනා (Insights) සපයමින් අපගේ ඤාණ මණ්ඩලය පුළුල් කරයි.
‘ඇවිත් නොරටක’ නවකථාව ශ්‍රී ලංකාද්වීපයෙන් බැහැර ව සිටින ශ්‍රී ලංකා ජන වංශකථාවේ නව තලයක් ලෙස ද පාඨක සහ විචාරක සංවාදයට ලක්වන්නේ නම් මැනවි.
සිය මුල් ම නවකතාවෙන් ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ජන ජීවිතය පිළිබඳව තම භාව ප්‍රකාශන සිංහල නිර්මාණ කෘතියක් ලෙස ඉදිරිපත් කිරීමේ වැදගත් කාර්යයක නිරතවීම පිළිබඳව පාලිත ගනේවත්ත මහතාගේ උත්සාහය ප්‍රශංසනීය වේ.
මේ නවකතාව සිංහල-ඕස්ට්‍රේලියානු සංස්කෘතියක වර්ධනය පිළිබඳව ද වැදගත් සංවාදයක් ගොඩනංවන්නට රුකුල් වනු ඇතැයි මම සිතමි. මේ පිළිබඳව ඕස්ට්‍රේලියානු විද්වතිනියක වන ආචාර්ය සෝනියා මයැක් ලියු ලිපියක උද්ධෘතයකින් මේ විචාරය නිම කරමි.
“විසිරුණු ජන කොටසකට සම්ප්‍රදාය සහ උරුමය පිළිබඳ සංකල්පයන් ඉතා වටිනාවන අතර ම, ඒ හා සමානව ම වැදගත්වන්නේ තත්කාලීන සංස්කෘතික ක්‍රියාවලියයි. ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍ය කටයුතු ඇරඹීම තුළින් අළුත් පරම්පරාවලට සහභාගීත්වයේ සහ නිර්මාණයේ අවස්ථාවන් ලැබෙනු ඇත. ඕස්ට්‍රේලියාවේ උපත ලද්දන්ගේ හෝ කුඩා දරුවන් වශයෙන් ඕස්ට්‍රේලියාවට පැමිණ මෙහි දී ඔවුන්ගේ අධ්‍යාපනය සහ මූලික සමාජ අත්දැකීම් ලද්දන්ගේ ස්වභාවික භාෂාව ඉංග්‍රීසි නොවීමට ඇති ඉඩකඩ ඉතා සීමිත ය. ඔවුන්ට, සිංහල ප්‍රජාවේ ද එකමුතුවෙන්, තම භාව ප්‍රකාශන නිදහස්ව කැමති භාෂාවකින් නිර්මාණාත්මකව කරන්නට ඉඩ සැලසීමෙන් අන්තර් සංස්කෘතික පෝෂණයට ද, නවීන වූ ද, සුවිශේෂ වූ ද, ‘සිංහල-ඕස්ට්‍රේලියානු’ සංස්කෘතියකට ද ඉඩ සැලසෙනු ඇත”.
- සුනිල් ගෝවින්නගේ [sunil.govinnage@gmail.com]
රෝහිත මුණසිංහ, ප්‍රංශය

රෝහිත මුණසිංහ සාහිත්‍ය නිර්මාණ:
කෙටිකතා පොත්
1. කළු දුමාරය, 1996
2. බාර්බේස් කාමරේ (පැරීසියේ කතා), 2001
3. රාග සූත්‍ර, 2005
4. කොස්තාපල් අයියා, 2009
5. දරු තවාන, 2010
6. උත්තමාචාරය
7. වැළපෙන විලෝ, 2016
8. සිංහල කොටියා, 2017
9. ආදරය, මරණය, නිදහස
10. කරුපන් ගේ සිහිනය, 2016
නවකතා
1. සේන් ගඟත් හැඬුවා මධු ඔබ ගියදා, 2003
2. මධුරංගී ගේ කතාව, 2004
3. මාතර කෝච්චිය, 2008
4. සිසිර මුදලාලි, 2006
5. ආදරණීය ගබ්බා
6. සුරපුර අසබඩ, 2012
7. මම දිවි නසා ගනිමි, 2012
8. හින්නිකිතරා, 2014
9. පීතෘ, 2014
10. මෘග, 2015
11. සාගරය ගැඹුරුයි, 2015
12. වන්නි වනේ දඩ හදවත, 2016
13. නිරුද්ධ, 2017
14. එක්තරා, 2019
15. කොෂ්මාර්, 2022
දේශපාලන
1. එළියකන්ද වද කඳවුර (කේ පොයින්ට්), 2000
2. රන්ගල ප්‍රේමේ (දේශප්‍රේමී සටන්කාමියෙකුගේ හෘද සාක්ෂිය), 2002
3. ජවිපෙ සැඟවුණු ඉතිහාසයෙන් බිඳක් I
4. මර්ධනය සඳහා කැරැල්ලක් ඕනෑකර තිබේ, 2012
5. ජවිපෙ සැඟවුණු ඉතිහාසයෙන් බිඳක් - II, 2015
6. උපනායක උපතිස්ස ගමනායක, 2016
7. ජවිපෙ ඇතුලට සහ පිටත I, 2018
යොවුන් නවකතා
1. අන්ධකාර මෙහෙයුම, 2011
2. වන්නි වනයේ දඩ හදවත, 2016
පරිවර්තන
* Eliyakanda Torture Camp
ලිපිනය: 161, Rue Danielle Casanova, 93300 Aubervilliers, FRANCE
ඊ-මේල්: munasinghe.rohitha@gmail.com
වෙබ් අඩවිය: https://www.rohitha-munasinghe.com/
ඩී අමරසිරි ගුණවර්ධන, නවසීලන්තය

ඩී අමරසිරි ගුණවර්ධන ගේ සාහිත්‍ය නිර්මාණ:
1. හඬනා උතුනි (කාව්‍ය සංග්‍රහය), 2010
2. අසනි වැසි වැටුණු බිම (කාව්‍ය සංග්‍රහය), 2016
3. නිබ්බිදාව (කාව්‍ය සංග්‍රහය), 2018
4. කැණිමඬලේ කවි (කාව්‍ය සංග්‍රහය), 2023
අමරසිරි ගුණවර්ධන වීරකැටිය මධ්‍යමහා විද්‍යාලයේ, කොළඹ නාලන්දා විද්‍යාලයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඉංජිනේරු උපාධිදාරියෙකි.
ලිපිනය: Aukland, New Zealand
ඊ-මේල්: amarasiridg@gmail.com
චම්ප බුද්ධිපාල, ඕස්ට්‍රේලියාව

චම්ප බුද්ධිපාල සාහිත්‍ය නිර්මාණ:
1. මෙත්තාරා (නාට්‍ය පිටපත), 2014
2. කවියාගේ මරණ දැන්වීම (කාව්‍ය සංග්‍රහය), 2022
3. සුපිපි පියුම් (ගී පදමාලා එකතුව), 2022
චම්ප බුද්ධිපාල පරිවර්තන:
1. ආශාවේ වීදි රිය (Tennessee Williams: A Streetcar Named Desire නාට්‍ය පිටපත), 2016
(2017 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී හොඳම පරිවර්තිත නාට්‍ය කෘතිය සඳහා නිර්දේශ විය)
2. එල්ම් තුරු යට ස්නේහය (Eugene o'neill: Desire under the Elms නාට්‍ය පිටපත), 2020
3. උයන්පල්ලා (Rabindranath Tagore: The Gardener කාව්‍ය සංග්‍රහයේ පරිවර්තනය), 2021
(2022 රාජ්‍ය සාහිත්‍ය උළෙලේ දී හොඳම පරිවර්තිත කාව්‍ය සංග්‍රහය සඳහා නිර්දේශ විය)
චම්ප බුද්ධිපාල වේදිකා නාට්‍ය:
1. ක්‍රිෂ්ණා (ස්වතන්ත්‍ර), 2002
2. දස්කොන් (ස්වතන්ත්‍ර), 2013
3. මෙත්තාරා (ස්වතන්ත්‍ර), 2014 (2015 රාජ්‍ය නාට්‍ය උළෙලේ දී සම්මාන තුනක් සහ
සම්මාන නිර්දේශ හතරක් හිමි විය.)
4. ආශාවේ වීදි රිය (පරිවර්තනය), 2016 (2017 රාජ්‍ය නාට්‍ය උළෙලේ අවසාන වටය
නියෝජනය කළේය.)
කොළඹ ආනන්ද විද්‍යාලයයේ සහ නීති විද්‍යාලයේ ඉගෙනුම ලැබූ චම්ප බුද්ධිපාල වෘත්තියෙන් අධිනීතිඥයෙකි.
ඊ-මේල්: champa@candctmigration.com
හෙන්රි කුමාරප්පෙරුම, ඕස්ට්‍රේලියාව

හෙන්රි කුමාරප්පෙරුම සාහිත්‍ය නිර්මාණ:
1. සමනල දූතය (සන්දේශ කාව්‍යය), 1995
2. ගම්සරණිය (නවකතාව), 2009
3. නිහඬ කල්පනා (නවකතාව), 2011
4. සුදු සඳ රැස් (යොවුන් නවකතාව), 2011
5. වනරජදහන (පංචතන්ත්‍රයේ අනුවර්තන කාව්‍යය), 2011
6. සඳ එළියේ රන් දියර (නවකතාව), 2016
7. සානුවක සීනුව (නවකතාව), 2023
8. දහම්පද වාහිනී (ධම්මපදය සිංහල කවියෙන්), 2023
හෙන්රි කුමාරප්පෙරුම ග්‍රන්ථ සංස්කරණ:
* දකුණු කුරු දිව් කව් (කාව්‍ය සංග්‍රහය: සම සංස්කරණය), 2010
කොළඹ විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී සහ දර්ශනවේදී උපාධි ලැබූ හෙන්රි කුමාරප්පෙරුම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද, කොළඹ මහනගර සභාවේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ද සේවය කළේය.
ලිපිනය: Rouse Hill NSW 2155, AUSTRALIA
ඊ-මේල්: henrykumarap@gmail.com
රසික සූරියආරච්චි, ඕස්ට්‍රේලියාව

රසික සූරියආරච්චි සාහිත්‍ය නිර්මාණ:
1. සිව් සිත් කව්, (කාව්‍ය සග්‍රහය), 2008
2. සිව් වසරක් මරදානේ (මතක සටහන් එකතුව), 2012
3. eFacMemories: My Four Years at Peradeniya (A Memoir), 2015
රසික සූරියආරච්චි බ්ලොග් සහ ව්ලොග් සංචිත
1. පෙම් ගී: https://pemgee.blogspot.com/ (ගී පදමාලා එකතුව), 2005 සිට
2. කතන්දර: https://kathandara.blogspot.com/ (කතා සහ සටහන් එකතුව), 2009-2014
3. රසිකලොජි: https://rasikalogy.blogspot.com/ (ලිපි එකතුව), 2014 ඔක්තෝබර් සිට
4. රසිකලොජි යූටියුබ් අඩවිය: https://www.youtube.com/@rasikalogy, 2020
රසික සූරියආරච්චි සංස්කරණ:
1. සිංහල ත්‍රෛමාසික සඟරාව, 2006 ජනවාරි සිට 2008 ඔක්තෝබර් කලාප 12 ක සංස්කරණය
2. තිසර තරණ (කෙටිකතා සංග්‍රහය), 2008
3. දකුණු කුරු දිව් කව් (කාව්‍ය සංග්‍රහය, සම සංස්කාරක), 2010
4. ඔසී රටේ අපේ කතා (කෙටිකතා සංග්‍රහය, සම සංස්කාරක), 2018
රසික සූරියආරච්චි ලියූ සඟරා තීරු ලිපි:
1. "හැරිස්ගේ කොලම" සහ "කොලු කාලේ", පහන මාසික සඟරාව, 2007-2008, 2010-2012
2. "සරසවි මතක", "අල්ලපු ගෙදර", "සිනුවර හසුන", "කුමර දිවිය",
"අපේ කාලේ කතන්දර", "රසිකොලොජිය", සන්නස මාසික සඟරාව, (2008-2020)
3. "අපේ කාලේ විශ්වවිද්‍යාල කතා", ඉරිදා ලක්බිම, ලිපි දහයක් පමණ (2009-2010)
4. "මයි-මතය" සහ "ජෙස්තරයගෙ කතන්දර", "සිසිල" සඟරාව, 2021 සැප්තැම්බර් සිට
කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලය, ගලහිටියාව මධ්‍ය විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගත් රසික සූරියආරච්චි වෘත්තියෙන් ඉංජිනේරුවෙකි. ඔහු "සිසිල" මාසික සාහිත්‍ය සඟරාවේ sangarawa.sisila@gmail.com සංස්කාරක වේ.
ලිපිනය: 66, Waterford Way, Glenmore Park NSW 2745
ඊ-මේල්: rasika.suriyaarachchi@gmail.com
ජගත් ජේ එදිරිසිංහ ගේ "ඉස්කෝලෙ කාලේ" යොවුන් නවකතාව


ඉස්කෝලෙ කාලේ
සුන්දර ළමා වියට අප යළි ගෙන යන ජගත් ජේ. එදිරිසිංහ සෑදූ මැජික් දොරටුව
කුඩා දරුවන් මල් මෙන් යැයි අපි නිතර කියමු. ඔවුන් ගේ දසුන සුන්දර ය. වර්ණවත ය. අහිංසකත්වයේ, අවංකත්වයේ සහ අව්‍යාජත්වයේ ගුණ සුවඳ ඔවුන්ගෙන් විසිරේ. ඔවුන් ගේ බස් අප සවනට පිය තෙපුල් ය. ඔවුන් ගේ චර්යාව, හැසිරීම, ගති පැවතුම සුසිනිදු මල් පෙත්තක මටසිලිටු බව සිහි ගන්වයි.
නමුත් මේ මල් වැනි කුඩා දරුවන් හැදෙන්නේ, වැඩෙන්නේ ඕජස් ගලන ගුජුප්සාජනක කුණු කන්දලින් පිරී ගිය මේ අශීලාචාර සමාජයේ බවඅපට අමතක කළ නොහැක.
පොහොට්ටුවෙන් සුපිපි කැකුලට පෙරළෙන මේ සුන්දර, පියකරු, මටසිලිටු, සුවඳ විහිදුවන මල් සමූහය චණ්ඩ හිරු රැස් මැද පීඩා විඳිති. සැඩ සුළඟට හසුව සැලෙති. බඹර පහරට අසුව කිලිටි වෙති. සැඩ වර්ෂාවෙන් පීඩා විඳිති. අවසානයේ ඒ සුපිපි පුෂ්පයෝ මුකුලිතව මිලානව ගොස් තමන් සිටින පෙරකී පරිසරයට ම එකතු වෙති.
මේ ලෝක ස්වභාවය මිනිස් සමාජයද පොදු ය. තමා වෙසෙන සමාජය විසින් මිනිසා හදනු ලබන බව කියවෙන්නේ නිකමට නොවේ. සමාජයේ ගොදුරක් වීමෙන් ගැලවී සදහටම වර්ණවත්ව බබළමින් ගුණ සුවඳ විහිදන්නෝ ඉතා අල්ප වෙති.
මේ හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, සුන්දර ළමා විය පිළිබඳව අප බොහෝ දෙනෙකුගේ චිත්ත සන්ථානයන් හි යට ස්ථරවල ස්ථිරව තැන්පත් වී ඇති මිහිරි මතක නිධානයන් කිරි මුහුද කළඹවා කල්ප වෘක්ෂය මතුකරගත්නාක් සේ පාදාගන්නට ඉවහල්වෙන, තත්වයෙන් මහාමේරු පර්වතයක් සේ සැලකිය හැකි නමුදු ප්‍රමාණයෙන් කුඩා, නවකථා පොතක් පිළිබඳව ඔබට පවසන්නටයි.
කුඩා පාසලක, කුඩා පන්තියක ඉගෙනුම ලබන කුඩා කොලු ගැටයෙකුගේ ජීවිත කථාවේ රසබර, දුක්බර, ප්‍රීතිජනක, ශෝක ජනක කතාන්දරය අපට කියන මේ කුඩා නවකතාව "ඉස්කෝලෙ කාලේ" නම් වේ. එය ලියා ඇත්තේ ජගත් ජේ එදිරිසිංහ නම් කෘතහස්ත ලේඛකයා ය.
ඉස්කෝලෙ කාලේ නවකතාව මුලින්ම අප අතරට ආවේ ගොඩගේ සමාගමේ යොවුන් නවකතාවක් ලෙසට මීට දශකයට පමණ ඉහත දී ය. අභාවප්‍රාප්ත ද්විභාෂා ලේඛක ඩී.බී. කුරුප්පු විසින් සිදුකරන ලද School Days නම් එහි පරිවර්තනය ද, මුල් කෘතියේ දෙවන මුද්‍රණයක් ද නොබෝදා සරසවි ප්‍රකාශන ලෙස නිකුත් වී ඇත.
යොවුන් නවකතා යනු සිංහල ප්‍රබන්ධ කලාවේ එක් ප්‍රධාන උප අංගයක් විය යුතු නමුදු තරමක් නොසලකා හරින ලද අංශයකි. මඩොල්දූව, අඹ යහළුවෝ, වනගත දරුවෝ සහ තුන් යහළු වික්‍රමය වැනි නවකථාවලින් මග සලකුණු තැබූ සිංහල යොවුන් සාහිත්‍යය යනු සිංහල නවකතාවේ උපත සහ පෝෂණය සිදුවූ පසුගිය සියවසක පමණ කාලය තුළ එතරම් දියුණුවට පත් නොවූ අංශයකි. අප දන්නා බටහිර ඉංගිරිසි යොවුන් සාහිත්‍යය හා සසඳා බලන කල මෙය ඉතා හොඳින් කැපී පෙනේ. මෙයට හේතුව විශ්ලේෂණය කිරීම වෙනමම මාතෘකාවක් නිසා ඉතා සරලව පැවසිය හැක්කේ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණයත්, සිංහල යොවුන් සාහිත්‍යයේ මන්දපෝෂණයත් එකම කාසියේම දෙපැත්ත බවයි. ශාරීරික මන්දපෝෂණයට අඩු තරමේ ත්‍රිපෝෂවත් ලැබේ.
මෙවන් පසුබිමක් යටතේ ජගත් ජේ. එදිරිසිංහ, ඉස්කෝලෙ කාලේ රචනා කිරීමෙන් පොදුවේ සිංහල සාහිත්‍යයටත්, සුවිශේෂීව බටහිර යොවුන් සාහිත්‍යය කෘතිවල සරල පරිවර්තන කියවීම වෙනුවට වෙනත් විකල්ප හිඟයෙන් පෙළෙන යොවුන් නවකථා පාඨකයින් ට කරඇත්තේ කාලීන මෙන්ම අගනා සේවාවක් බව නොබියව කිව හැක.
මා එලෙස යොවුන් නවකතාවක් ලෙස ඉස්කෝලෙ කාලේ කෘතිය හඳුන්වා දුන්නද, මේ නවකතාවේ රසය උපරිම වශයෙන් විඳින්නට ලැබෙන්නේ තම ළමා කාලය කලකට ඉහත ගත කළ අප වැන්නන්ට යැයි මම සිතමි. ඒ එසේ වන්නේ, ඉස්කෝලෙ කාලේ නවකතාවේ පිටු අතරින්, පරිච්ඡේද අතරින්, ඡේද අතරින්, වාක්‍ය අතරින්, අකුරු අතරින් අපට දැන් දැන් මතකාබාධ වැලි තලාවෙන් වැසීයන අපේ සුන්දර ළමා කාලයට යළි පිවිසෙන්නට, යළිත් සුදු අත් කොට කමිසයකින් සහ කොට කලිසමකින් හෝ සුදු රැළි ගවුමකින් සැරසී පාසල් යන්නට අපට මානසිකව ඉඩ ලැබෙන බැවිනි. අපේ අතීතකාමය සංතර්පණය වෙන බැවිනි.
ඉස්කෝලෙ කාලේ නවකතාව ගෙතී ඇත්තේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන කුඩා දරුවෙකු වන සමන් ගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් ඇසුරිනි. මෙහි දී සමන් ගේ පාසලේ කතා මෙන්ම, ඔහුගේ පවුලේ කතා ද, ඔහු වසන ගම්මානය පසුබිම් කරගත් කතා ද, එකිනෙක සම සමව මුසුකරමින්, වරෙක හාස්‍යය ද, වරෙක අනුකම්පාව ද, වරෙක සංවේගය ද, වරෙක කෝපය ද, වරෙක සතුට ද පාඨක සිත් සතන් තුළ ජනිත කරමින් නිදහසේ ගලායන නවකතාවක් රචනා කීරීමට ජගත් ජේ. එදිරිසිංහ සමත්වී ඇත. සම වයසේ යහළු යෙහෙළියන් සමග සමන් සිසුවා පාසලේ ඉගෙන ගන්නා හැටි, කොල්ලන් සමග ගම පුරා කරක් ගහනා හැටි මෙන්ම සමාජ අසාධාරණයන් සහ නපුරු ගුරුවරුන් නිසා තබ්ලාව වැයීම ඉගෙන ගන්නට, විවිධ ප්‍රසංගයන් හි නාට්‍ය , ගායනා යනාදිය ඉදිරිපත් කිරීමට, දිස්ත්‍රික් ගායනා තරග සඳහා සහභාගීවන්නට සමන්ට ඉඩ ඇහිරෙන අයුරු ජගත් ජේ. එදිරිසිංහ සරල සිංහල බසින් විස්තර කරන්නේ පාඨක සිත නවකතාවේ අවසානය දක්වාම බැඳ තබා ගනිමිනි.
සමස්ත කතා වස්තුව සලකා බලන කල, මා මේ ලිපිය ආරම්භයේ භාවිතා කළ මල් සහ පරිසරය පිළිබද උපමාව මෙහිදී තරමක් නොගැලපෙතැයි මට සිතේ. එසේ වන්නේ, ළමුන්ට අසාධාරණකම් කරන ගුරුවරුන් අතර තම යුතුකම් සහ වගකීම් නිසි අයුරින් ඉටු කරන හොඳ ගුරුවරුන්ද, තබ්ලා ඉගෙනුම අහිමි වු පුතුට ඩෝලැක්කියක් හෝ ගෙනැවිත් දෙන දෙමව්පියන් ද ඉස්කෝලෙ කාලේ නවකතාවේ සිටින බැවිනි. එය එසේ වුවද, ජගත් ජේ. එදිරිදිසිංහ මේ නවකතාව අවසානයේ නපුරු සමන්මලී ගුරුතුමිය ක්ෂගණිකවම හොඳ චරිතයකට පරිවර්තනයකරමින් ද, සමන් ට කවි ගායනා තරගයේ ජය ලබා දෙමින් ද කර ඇත්තේ පැවති සහ පවතින සමාජීය යථාර්ථයෙන් ඉවත්ව යෑමක් බව නම් මම ඉඳුරාම පවසමි.
”අවසානයේ යුක්තිය, සත්‍යය සැමවිටම ජය ගනී” යන ලොව පිළිගත් මිත්‍යා විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙනයාමට මෙමගින් නවකතාකරුවා අනියම්ව සහය දෙන බව මගේ විචාරක ඇසට පෙනේ. කෙසේ නමුත් එලෙස සුඛාන්තයක් සහිතව නවකතාව අවසාන කිරීම මගේ පාඨක සිතට නම් මහත් වූ අස්වැසිල්ලක් ම විය.
හැත්තෑව දශකය පමණ නුදුරු අතීතයක් මත පදනම් වූ ඉස්කෝලෙ කාලේ නවකතාවේ කතානායක සමන් දිවි ගෙවන්නේ මිරිහාන, මාදිවෙල, ඇඹුල්දෙණිය වැනි මුළුමනින්ම නොවූවද බොහෝ දුරට සම්ප්‍රදායානුකූල ග්‍රාමීය පරිසරයකයි. අද පනස් වසරකට පසු ඒ ප්‍රදේශ කෙතරම් දුරට නාගරීකරණය වී ඇතිද, දුෂණය වී ඇතිද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ. පේළි අතර සැකෙවින් ලියවී ඇති ඒ ගම්පෙරළියේ කතාව ද මා මෙහිදී පාඨකයින්ගේ විශේෂ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.
අවසාන වශයෙන් කිව යුත්තේ, ජගත් ජේ. එදිරිසිංහ රචනා කරන ලද ඉස්කෝලෙ කාලේ නවකතාව සුන්දර ළමා වියට අප යළි කැටුව යන මැජික් දොරටුවක් ම බවයි. ඒ දොරටුවෙන් ඔබ්බට ගොස් රිසි පරිදි අතීතකාමයේ ගැලෙන්නට මම ඔබට ආරාධනා කරමි.
- රසික සූරියආරච්චි rasika.suriyaarachchi@gmail.com
විද්‍යානි මනතුංග, ඕස්ට්‍රේලියාව

විද්‍යානි මනතුංග සාහිත්‍ය නිර්මාණ:
1. හිමබිමේ සුදු රෝස (නවකතාව), 2012
2. පුනරාවර්ජනය (කාව්‍ය සංග්‍රහය), 2016
විද්‍යානි මනතුංග වෘත්තියෙන් ප්‍රතිශක්තීකරණ විද්‍යාඥවරියකි.
ලිපිනය: Australian Capital Terriotry, AUSTRALIA
ඊ-මේල්: vmanatunga@gmail.com
අජිත් ධර්මකීර්ති, එක්සත් රාජධානිය

අජිත් ධර්මකීර්ති සාහිත්‍ය නිර්මාණ:
1. පොල් කට්ටෙන් එපිටට (සටහන්), 2016
2. සියාමා (නවකතාව), 2018
3. ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ (නවකතාව), 2019
අජිත් ධර්මකීර්ති ලේඛන සංචිත වෙබ් අඩවි:
1. කොළඹ ගමයා: https://kolambagamaya.blogspot.com/ (2013 සිට)
2. Quantum Checks: https://quantumchecks.blogspot.com/ (2012 සිට)
කොළඹ රාජකීය විද්‍යාලයේ, සෝවියට් දේශයේ සහ එක්සත් රාජධානියේ ඉගෙනුම ලැබූ අජිත් ධර්මකීර්ති වෘත්තියෙන් පරිගණක විශේෂඥයෙකි.
ලිපිනය:
ඊ-මේල්: apdharma@gmail.com
අමරසිරි ගනේවත්ත, ඇමරිකා එක්සත් ජනපදය

අමරසිරි ගනේවත්ත ලියා පළ කර ඇති ග්‍රන්ථ:
1. Understanding the English Verb (text book), 2005
2. English Phonics (text book), 2007
3. English Phonics Wall Chart (), 2007
4. Easy Way to English (text book), 2010
5. Only Way to English 1 (text book), 2010
6. Only Way to English 2 (text book), 2011
7. Learn English as English 1 (text book), 2011
8. Learn English as English 11 (text book), 2012
9. English Tenses (text book), 2017
10. English Phrasal Verbs (text book), 2023
11. Understanding Advanced English Grammar 1 (text book), 2024
12. Understanding Advanced English Grammar 2 (text book), 2024
13. Understanding Advanced English Grammar 3 (text book), 2024
14. Perfect English Grammar in 3D (text book), 2024
15. Great Grammar Guide (text book), 2024
16. Lazy Jack (Children's book), 2024
17. 44 English Phonics (text book), 2024
18. Secrets of English Tenses (text book), 2025
19. Time and Tenses – the Fourth Dimension (text book), 2025
20. English through Pictures (text book), 2025
අමරසිරි ගනේවත්ත ලංකාවේ ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා ජාතික පුවත්පත්, ගුවන්විදුලිය හා රූපවාහිනී මගින් වැඩසටහන් රාශියක් ඉදිරිපත්කර ඇති අතර කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධව ඉංග්‍රීසි උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇත. ඔහුගේ ඉන්ටර්නෙට් අඩවිය https://www.englishlanglab.org/ වේ.
ලිපිනය: Folsom, Califonia, USA
ඊ-මේල්: ganewatta@gmail.com
ලාල් විජේසිරිවර්ධන, ඕස්ට්‍රේලියාව

ලාල් විජේසිරිවර්ධන ගේ සාහිත්‍ය නිර්මාණ:
1. හිම උණුසුම (නවකතාව), 2021
2. රාහුල හන්දිය (මතක සටහන), 2022
3. ලංසිවත්ත (නවකතාව), 2024
මාතර රාහුල විද්‍යාලයේ සහ සෝවියට් දේශයේ ල්වෝව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ උගත් ලාල් විජේසිරිවර්ධන වෘත්තියෙන් පරිගණක විශේෂඥයෙකි.
ලිපිනය: Forde, Australian Capital Territory, AUSTRALIA
ඊ-මේල්: lalnimmiwije@gmail.com
මාලිනී ගනේවත්ත, ඇමරිකා එක්සත් ජනපදය

මාලිනී ගනේවත්ත ගේ සාහිත්‍ය නිර්මාණ:
1. අලි පුංචා (ළමා කතා), 2003
2. සමනලයා ඉගිළ ගියා (ළමා කතා), 2017
3. Emma and her butterfly (ළමා කතා), 2023
4. අරගලය (කෙටි කතා), 2023
5. බෝනිකි ගෙවල් : eBook (මතක සටහන්), 2023
6. පහන් කණු යට කඳුළු (කාව්‍ය සංග්‍රහය), 2023
7. බෝනිකි ගෙවල් : මුද්‍රිත (මතක සටහන්), 2025
මාලිනී ගනේවත්ත, ගාල්ලේ සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබා දිගු කලක් උසස් පෙළ ජීවවිද්‍යා ගුරුවරියක ලෙස ලංකාවේ සේවය කළාය.
ලිපිනය: Folsom, Califonia, USA
ඊ-මේල්: mganewatta@gmail.com
සමන් මහානාම දිසානායක, ඕස්ට්‍රේලියාව

සමන් මහානාම දිසානායක ගේ සාහිත්‍ය නිර්මාණ:
1. බඹරන්දේ කඟවේනා (නවකතාව), 2001
2. කැන්ගරු නිම්නය (නවකතාව), 2002
3. පුංචි සර් (නවකතාව), 2003
4. රන්දෙණිගල වලව්ව (නවකතාව), 2004
5. දුරුතු සිහිනය (නවකතාව), 2007
6. ලංසි කෙල්ල (නවකතාව), 2008
7. සුරඟන කුමරිය (නවකතාව), 2011
8. අහස් ඉම (නවකතාව), 2013
9. අනුෂ්කා (නවකතාව), 2018
10. ඇළ කණ්ඩියේ සුනිල් (නවකතාව), 2019
11. සුදු මැණික (නවකතාව), 2020
12. ජීවක ජානක (නවකතාව), 2024
13. කළු සුද්දා (නවකතාව), 2024
14. මිසිස් ගෙඩිස් සහ වෙනත් කතා (කෙටිකතා එකතුව), 2023
15. වැල්ලේ කොල්ලා (නවකතාව), 2025
සමන් මහානාම දිසානායක ගේ සාහිත්‍ය නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන්:
* Mrs Geddes and other stories (Collection of short stories: මිසිස් ගෙඩිස් සහ වෙනත් කතා: Translated by ), 2023
කොළඹ ඉසිපතන විද්‍යාලය, නාලන්දා විද්‍යාලය සහ මොරටුව විශ්වවිද්‍යාලයේ කටුබැද්ද මණ්ඩපයේ ඉගෙනුම ලැබූ සමන් මහානාම දිසානායක වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.
ලිපිනය: 10, Silkwood Grove, Quakers Hill NSW 2963, AUSTRALIA
ඊ-මේල්: samanmalee7@gmail.com
මලී දිසානායක, ඕස්ට්‍රේලියාව

මලී දිසානායක ගේ සාහිත්‍ය නිර්මාණ:
1. කළුපාට කුරුල්ලා (කෙටිකතා එකතුව), 2020
2. එගොඩහ යන්නී (නවකතාව), 2023
වෙනත් විස්තර:
ලිපිනය: 10, Silkwood Grove, Quakers Hill NSW 2963, AUSTRALIA
ඊ-මේල්: samanmalee7@gmail.com
ජගත් ජේ එදිරිසිංහ, ඕස්ට්‍රේලියාව

ජගත් ජේ එදිරිසිංහ නිර්මාණ:
1. කන්ද උඩ මාළිගාව (කෙටිකතා එකතුව), 1999
2. සිසිරයේ පිපුණු මල (කාව්‍ය), 2000
3. අන්තර්ජාලයට පියවර (තාක්ෂණ), 2003
4. අසුර අඩවිය (නවකතාව්), 2007
5. ගිම්හාන සුළඟ (නවකතාව්), 2008
6. රාජාලි පියාපත (කාව්‍ය සංග්‍රහය), 2010 (ගොඩගේ සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශිත)
7. ඉස්කෝලෙ කාලේ (යොවුන් නවකතාව), 2010
8. තාරකා විජිතය (නවකතාව), 2010
9. අදිසි (නවකතාව), 2012
10. පිනි (නවකතාව), 2013 (හොඳම නවකතාව: දයාවංශ ජයකොඩි නවකතා තරගය)
11. වියෝලය දරාගත් මිනිසා (කාව්‍ය සංග්‍රහය), 2015
12. කාලාග්නි (නවකතාව), 2015
13. ලතු අතුළ නගරය (කාව්‍ය සංග්‍රහය), 2020 (රජත පුස්තක සම්මාන සඳහා නිර්දේශිත 2021)
14. මම සමන් (යොවුන් නවකතාව) 2022
15. තරු සාදය (කෙටිකතා එකතුව) 2025
16. අනන්තාවකාශය (නවකතාව), 2025
ජගත් ජේ එදිරිසිංහ නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන්:
1. My School Days (ඉස්කෝලෙ කාලේ යොවුන් නවකතාව), Translated by DB Kuruppu, 2021
2. The Eagle’s Wing (Collection of selected poems) Translated by Manel K R Fernando, 2021
ජගත් ජේ එදිරිසිංහ සංස්කරණය කළ ග්‍රන්ථ:
1. පළමුවැනි තෑග්ග (සන්නස කෙටිකතා තරගාවලියේ ජයග්‍රාහී කෙටිකතා), 2006
2. පත්වීම සහ තවත් කතා (ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගයේ කෙටිකතා), 2019
3. ආවර්ජනා සහ තවත් කතා (ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගයේ කෙටිකතා), 2021
4. පියානෝව සහ තවත් කතා (ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගයේ කෙටිකතා), 2023
5. වෙද නෝනා සහ තවත් කෙටිකතා (ඩී බී කුරුප්පු අනුස්මරණ කෙටිකතා තරගයේ කෙටිකතා), 2025
ජගත් ජේ එදිරිසිංහ සංස්කරණය කළ පුවත්පත්:
1. විද්‍යාව (අධ්‍යාපන පුවත්පත), ශ්‍රී ලංකාව, 1978/79
2. පහන (මාසික පුවත් සඟරාව), ඕස්ට්‍රේලියාව,
3. සන්නස (මාසික පුවත් සඟරාව), ඕස්ට්‍රේලියාව, 2005 - 2019
ජගත් ජේ එදිරිසිංහ ගුවන්විදුලි වැඩසටහන්:
1. Radio 3ZZZ (Since 2000)
2. Plenty Valley FM
ජගත් ජේ එදිරිසිංහ වරලත් යාන්ත්‍රික ඉංජිනේරුවෙකි (CEng MIESL, MIMechE). උඩහමුල්ල කණිෂ්ඨ විද්‍යාලය, කෝට්ටේ ශාන්ත තෝමස් විදුහල සහ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ පාසල් අධ්‍යාපනය ද, ඕස්ට්‍රේලියාවේ Swinburne University of Technology හි පශ්චාත් අධ්‍යාපනය ද ලබා ඇත.
ලිපිනය: 781, Edgars Road, Epping VIC 3076, AUSTRALIA
ලංකාවේ ලිපිනය: 167/1, රෝහල පාර, කලුබෝවිල, දෙහිවල
ඊ-මේල්: jjedirisinghe@gmail.com
හේමාල් ජයවික්‍රම, ඕස්ට්‍රේලියාව,

හේමාල් ප්‍රසාද් ජයවික්‍රම නිර්මාණ:
1. මනුලී (නවකතාව), 2011
2. සංඛ මායා (නවකතාව), 2024
හේමාල් ජයවික්‍රම ගී:
* සදා ඔබෙයි මා (සංයුක්ත තැටිය), 2019
මීට අමතරව හේමාල් ජයවික්‍රම විසින් රචනා කරන ලද "සුර දූතිය", "ලේ කැක්කුම", "පරාර්ථකාමියා", "සිහින පැතුම්", "මගේ ආලය" සහ "වට්ස් ඇප්" කෙටිකතා ඕස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්සයේ සංස්ථාපිත සිංහල සංස්කෘතික හමුවේ ලේඛක සංසදයේ ප්‍රකාශනවල පළ වී ඇත.
නුගවෙල මධ්‍ය මහ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ හේමාල් ජයවික්‍රම පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරුවිද්‍යා උපාධිය ද, රාජකීය මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධිය ද ලද සිවිල් ඉංජිනේරුවෙකි.
ලිපිනය:
ඊ-මේල්: hjayawic@hotmail.com
පාලිත ගනේවත්ත, ඕස්ට්‍රේලියාව

පාලිත ගනේවත්ත ගේ සාහිත්‍ය නිර්මාණ:
1. ලේ හුරු සුවඳ (කෙටිකතා එකතුව), 2001
2. බොඳ වූ ලොව (කාව්‍ය සංග්‍රහය), 2003
3. ඇන්ටන් චෙකොෆ් සිය වසරකට පසු (අනුවර්තන), 2004
4. ඇසි පිය (කාව්‍ය සංග්‍රහය), 2005
5. ඇවිත් නොරටක (නවකතාව), 2006
6. මාවත අබියස (නවකතාව), 2010
7. දොස්තර චෙකොෆ් (අනුවර්තන), 2013
8. ගුණදාස අමරසේකර සංවාද (ලිපි), 2013
9. ඇන්ටන් චෙකෝෆ්: ඇනා ගෙල පැළඳ සහ තවත් කතා (අනුවර්තන), 2019
10. ඇන්ටන් චෙකෝෆ් පිළිබඳ සමකාලීනයන්ගේ සැමරුම් සටහන් (අනුවර්තන), 2023
11. ඇන්ටන් චෙකෝෆ්ගේ කෙටිකතා දහයක් (අනුවර්තන), 2025
පාලිත ගනේවත්ත ගේ සාහිත්‍ය නිර්මාණ ඉංග්‍රීසි භාෂාවෙන්:
1. The scent of kinship (Short story collection: ලේ හුරු සුවඳ: Translated by Sunil de Silva), 2006
2. A Tale form a Promised Land (Novel: ඇවිත් නොරටක: Translated by Sunil de Silva), 2023
3. The Road Ahead (Novel: මාවත අබියස: Translated by Sachithra Mahendra), 2024
ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා මොස්කව් මිත්‍රත්ව සරසවියෙන් ආචාර්ය උපාධිය ලැබූ පාලිත ගනේවත්ත වෘත්තියෙන් කෘෂි විද්‍යාඥයෙකි. ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ සේවය කළ ඔහු දශක දෙකක කාලයක් තිස්සේ ඕස්ට්‍රේලියාවේ විශේෂ ගුවන් විදුලි සේවයේ සතිපතා සිංහල වැඩසටහනේ නිෂ්පාදකයෙකු ලෙස ද කටයුතු කළේය.
ලිපිනය: 16/10, Beddagana Road, Pitakotte
ඊ-මේල්: pganewatta@gmail.com
ප්‍රිසිලා ගොඩහේවා, ඕස්ට්‍රේලියාව

ප්‍රිසිලා ගොඩහේවා ලියා පළකළ නවකතා:
1. ජැෆ්නාදරය (2018)
2. ගිමන් හරිමි (2018)
3. එතෙරින් එතරට (2019)
4. අමුතු දීගේ (2021)
5. බැද්දේ කුමරිය (2022)
6. බැද්දේ කුමරිය කොළඹ ඇවිත් (2022)
7. සසරින් එතරට (2023)
8. කොන්ත්‍රාත්තුව (2024)
9. අයිරින් (2025)
"අමුතු දීගේ" නවකතාව ඇසුරෙන් නිපදවුණු ටෙලිවිෂන් මාලා නාට්‍යයක් 2025 වසරේ ජාතික රූපවාහිනී නාලිකාවේ විකාශය වූ අතර "ජැෆ්නාදරය" නවකතාව ඇසුරෙන් සිනමාපටයක වැඩකටයුතු (2025) ඇරඹී ඇත.
කොළඹ ගෝතමි බාලිකාවේ වානිජ අංශයෙන් උසස් පෙළ හැදෑරූ ප්‍රිසිලා ගොඩහේවා පාසැල් අවධියේ සිටම ලේඛන කටයුතුවල නිරත වූවා ය. "නිදන්න යන විට කියවන්න කතා" නම් ළමා කෙටිකතා ග්‍රන්ථය ඇගේ පළමුවන කෘතියයි. ප්‍රිසිලා ගොඩහේවා තම නවකතා අළෙවියෙන් ලැබෙන මුදල් ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශවල පාසැල් යන දූදරුවන්ගේ අභිවෘද්ධිය උදෙසා යොදවන්නීය.
ලිපිනය: 10, Arrunga Road, Arcadia NSW 2159, AUSTRALIA
ඊ-මේල් ලිපිනය:pgodahewa@gmail.com
සමන් මහානාම දිසානායක ගේ “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව

සිඩ්නි නගරයේ පමණක් නොව සමස්ත ඕස්ට්‍රේලියාවේ ම සිටින සිංහල නවකතාකරුවන් අතරින් සමන් මහනාම දිසානායක ප්‍රවීනතමයා බව අවිවාදාත්මක ය. වර්ෂ 2000 දී බඹරැන්දේ කඟවේනා කෘතිය සමගින් නවකතාකරණයට පිවිසි ඔහු පසුගිය දශක දෙකක කාලය තුළ කැන්ගරු නිම්නය, පුංචි සර්, රන්දෙණිගල වලව්ව, දුරුතු සිහිනය, ලංසි කෙල්ල, සුරඟන කුමරිය, අහස් ඉම, අනුෂ්කා, සහ ඇළ කණ්ඩියේ සුනිල් නම් අප දැක ඇති නවකතා ද, සුදු මැණික, වැල්ලේ කොල්ලා වැනි ළඟ දී මුද්‍රණය වූ හෝ මුද්‍රණයේ පවතින නවකතා ද ඇතුළුව නවකතා රාශියක නිර්මාපක රචකයා වේ.
මේ සටහන ලියවෙන්නේ සමන් දිසානායක ගේ දහවෙනි නවකතාව, එනම් සුරස පොතක් ලෙස 2019 දී ප්‍රකාශයට පත්වුණු “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව පිළිබඳව ය.
නවකතා ප්‍රබන්ධ විය යුත්තේ සරල ජීවිත ගත කරන සාමාන්‍ය පුද්ගලයන්ගේ එදිනෙදා නීරස ජීවන අත්දැකීම් ගැන නොව, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ එසේත් නැත්නම් දෛවයානුකූලව, සැමට පොදු නොවන සංකීර්ණ ජීවිත ගත කරන සුවිශේෂී පුද්ගලයන්ගේ අසාමාන්‍ය ජීවන අරගල ගැන ගැන බව මීට දශකයකට පමණ ඉහත දී සමන් දිසානායක ලියූ “දුරුතු සිහිනය” නවකතාව පිළිබඳ විචාරයක් කරමින් මම කීවෙමි. මා කියවා ඇති ඔහුගේ නවකතා ඇසුරින් මට කිව හැක්කේ සමන් දිසානායක මේ කාරණය ඉතා හොඳින් වටහා ගත් ලේඛකයෙකු බවයි. නවකතාකරුවෙකු ලෙස ඔහුගේ ප්‍රබලතම ශක්තිය ලෙස මා දකින්නේ සිය නවකතාවල චරිත වටා සුවිශේෂී සිදුවීම් රැසක් අපූරු ලෙස පෙළ ගස්වා, ඒවා එකිනෙක හා සියුම් ලෙස සම්බන්ධ කර, විශ්වාසනීය කතා වස්තුවක් ප්‍රබන්ධ කිරීමට ඔහුට ඇති හැකියාවයි. එසේම ඔහු නිර්මාණය කරන චරිත හුදෙක් සරල, සුදු-කළු චරිත නොව මිනිස් ගති පැවතුම් යථාර්ථවාදීව නිරූපණය කරන චරිත වෙති.
නවකතාවේ නමෙන් ම පැහැදිලි වන පරිදි මේ කෘතියේ ප්‍රධාන භූමිකාව “ඇළ කණ්ඩියේ සුනිල්” ගේ ය. සුනිල් නාගරික ලුම්පන් පවුලක උපන්, පාසල් කාලයේ දී ඉගෙනීමට සැබෑ උනන්දුවක් මෙන් ම ඉතා දක්ෂතාවක් ද පෙන්වූ නමුත් ඉන් පළ නෙලා ගන්නට පෙර තමන් ජීවත් වූ පරිසරය නිසා ම ජීවිතය වෙනස් කරවන අත්දැකීමකට මුහුණ දුන් අයෙකි. වසර කිහිපයකට පසුව තම ජීවිතය නිවැරදි මාර්ගයට යොමු කරගන්නට අවස්ථාවක් ලැබුණ ද, එය කර ගන්නට නොලැබුණු අයෙකි.
සිසිල සඟරාවේ පළ වන ජෙස්තරයගෙ කතන්දර කොලමේ පළ වූ සරදම් කතාවක මිනිස් ජීවිතයකට බලපාන සාධක කොටස් දෙකකට බෙදිය හැකි බව කියවුණි. ඒවා නම් ජානමය සාධක සහ පාරිසරික සාධක වේ. මෙය විස්තර කිරීමට එහි දක්වා තිබුණු උදාහරණය වූයේ මෙලොව ඉපදෙන දරුවෙකු තම මවගේ සැමියාගේ හැඩරුව ගන්නේ නම් එය ජානමය සාධකවල බලපෑමක් බවත් එසේ නොමැතිව අල්ලපු නිවසේ වෙසෙන පුද්ගලයාගේ රුව ගන්නේ නම් එය පාරිසරික සාධකයක් ලෙස දැක්විය හැකි බවයි. උපත කෙසේ වුව ද, ඇළ කණ්ඩියේ සුනිල් ගේ ජීවිතය ගලා යන්නේ පාරිසරික සාධක මත වුවත් සුනිල්ගේ නැගණිය වූ ගංගා ගේ නම් ජීවිතය ඇරඹෙන්නේ ද පාරිසරක සාධක බව මත පෙනේ.
ප්‍රධාන චරිතය සුනිල්ගේ වුවත්, කතුවරයා මෙම නවකතාව අපට ඉදිරිපත් කෙරෙන්නේ ඔහුගේ පාසල් මිතුරු ශ්‍රීනාත් විජේසිංහ ගේ දෘෂ්ටිකෝණයෙනි. ශ්‍රීනාත් යනු සුනිල් මෙන් නොව රිදී හැන්දක් මුව රුවාගෙන ව්‍යාපාරික පවුලක උපන්, සුවපහසු ජීවිතයක් ගත කරන එමෙන්ම විභාග සමත්වීම, විශ්වවිද්‍යාලයට යෑම වැනි සාමාන්‍ය අත්දැකීම් මිස වෙනත් කිසිදු සුවිශේෂී ජීවන අත්දැකීමක් නොලබා නීරස ජීවිතයක් ගෙවන චරිතයකි. කොටින් ම මෙම චරිතය ශ්‍රීනාත් නොව ශ්‍රීමත් එනම් සිරිමත් යැයි නම් කළ යුතුව තිබුණි. ඔහු එතරම් ම හොඳ ළමයෙකි. මවට කීකරු ය. උඹ, බං, බොලං වැනි වචන “පරුෂාවාචා” ලෙස සලකයි. කොටින් ම, තරුණ වියට පත් වූ පසු ශ්‍රීනාත් විවාහය සඳහා සොයන්නේ ද අම්මා කැමති වෙන ආකාරයේ, හොඳට ගෙදර දොර ඉවුම් පිහුම් දන්නා තරුණියකි!
ශ්‍රීනාත් ගේ මෑණියගේ චරිතය නවකතාකරුවා විසින් ගොඩ නැගුවේ තම මවගේ චරිතය ඇසුරෙන් බව ඔහු පවසා ඇත. සමහරවිට ශ්‍රීනාත්ගේ චරිතය නවකතාකරු විසින් තමාගේ අත්දැකීම් අනුසාරයෙන් ගොඩ නගාගන්නට ඇතැයි පාඨකයාට හැඟී යනු පිණිස යම් යම් සලකුණු එකතු කරන්නට ද ඇත.
හැටේ දශකයේ මැද භාගයේ සිට වසර විස්සක් පමණ ඉදිරියට කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ඇදී යන “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ අවසාන භාගයේ දී සැකෙවින් නමුත් සුවිශේෂී සිදුවීම් අනුසාරයෙන් ඉදිරිපත් කෙරෙන 1983 ජූලි මාසයේදී කෙරුණු කොළඹ දී කෙරුණු අමානුෂික දෙමළ ජන සංහාරය සහ දේපල විනාශය සහ මංකොල්ලකෑම් ගැන කියවන විට සංවේදී පාඨකයෙකුගේ ඇසට කඳුළක් නැඟෙනු නොඅනුමාන ය.
කරුණාවන්ත බවේ, මනුස්සකමේ සංකේතයක් බඳු විජේසිංහ මැතිණියගේ චරිතය ද පාඨක සිතට ගෙන එන්නේ පහන් සිතුවිලි ය.
පරිණත නවකතාකරුවෙකු වුව ද සමන් දිසානායක “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ දී මගේ මතයට අනුව වරදක් කර ඇත. එනම් නවකතාව පිටු 40කින් පමණ දීර්ඝ කිරීමයි.
කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත නම් නවකතාව විසින් 1962දී ප්‍රකාශයට පත්වෙන තුරු එතෙක් ලියැවුණු සියලු ප්‍රේමකතා අඩංගු සිංහල නවකතා සුඛාන්ත පමණක් වූ බව කියවේ. සමන් දිසානායක ගොලු හදවත නවකතාව කියවා ඇති බවට මට සැකයක් නැති නමුත් තම දහවෙනි නවකතාවේ දී පවා ඔහු උත්සාහ කර ඇත්තේ එහි අවසානය සුඛාන්තයක් කිරීමටයි. මා පෙර සඳහන් කළ පිටු 40 එකතු වී ඇත්තේ ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම උදෙසා ය.
වෙනත් වචනවලින් කියනවා නම්, මගේ මතයට අනුව, “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාව අවසාන විය යුතුව තිබුණේ සුනිල් ගේ නිවසට කෙරෙන මැර ප්‍රහාරයේ අරමුණු එලෙසින් ම සාර්ථක වීමෙනි. අප දන්නා යථාර්ථය නම් එයයි. එනම් දේශපාලුවන් කරන දේ “අහෝසි කම්ම”වේ. ඔවුන් සදාකල් යහතින් වැජඹෙති. නමුත් දේශපාලුවන් වෙනුවෙන් සියලු මජර වැඩ කරන ඇළ කණ්ඩියේ සුනිල්ලා කරන දේ දිට්ඨධම්මවේදනීය කර්ම ම වේ. ඔවුන් කෙටිකලකින් ම උපපජ්ජවේදනීය කර්ම ගෙවන්නට නික්ම යති.
සමන් දිසානායක විසින් රචිත, මා කියවා ඇති නවකතා අටකි. ඒ සියල්ලේ ම මෙන් “ඇළ කණ්ඩියේ සුනිල්” නවකතාවේ ද “මේසය මත නොතබා එක දිගටම කියවිය හැකි” පාඨක සිත් ඇද බැඳ තබා ගන්නා සුවිශේෂී ගුණය ඇත. ඒ සමන් ගේ භාෂාව සරල, සුගම නිසා ය. සංකීර්ණ සිදුවීම් විස්තර කිරීමේ දී වුව ද ඔහුගේ රචනා විලාසය පාඨක සිත් වෙහෙස නොකරන නිසා ය.
චේතනා පරිශුද්ධ පෙම් සටන් දෙක ම ජයගන්නා නිසා ද විය හැක.
අවසානයේ මෙය ද කිව යුතු ය.
දිගු කාලයක් තිස්සේ විදෙස් රටක වෙසෙමින්, සාහිත්‍යයෙන් දුරස් මෘදුකාංග ක්ෂේත්‍රයේ රැකියාවක නිරතවෙමින්, ක්‍රියාන්විත දවසේ වැඩි කාලයක් තිස්සේ ඉංගිරිසිය අසමින්, ඉංගිරිසිය භාවිතා කරමින් සිටින්නෙකුට සිංහල නවකතාකරනයේ දිගින් දිගටම යෙදීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙම බාධක සියල්ල ම සමතික්‍රමණය කර මේ වන විට නවකතා දුසිමකටත් වඩා රචනා කර ඇති සමන් දිසානායක අපේ විගාමික නවකතාකරුවන්ට පමණක් නොව ලාංකේය අංකුර රචකයින්ට ද ආදර්ශයකි.
- රසික සූරියආරච්චි [rasika.suriyaarachchi@gmail.com]
Subscribe to:
Comments (Atom)